(අජන්ත කුමාර අගලකඩ)
වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රජයෙන් රුපියල් කෝටියක පමණ මුදල් ඉල්ලා ඇත.
ඒ සඳහා අනුමැතිය ඉල්ලා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කැබිනට් සංදේශයක් ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට ඉකුත් වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වැටුප් ගෙවීමට රුපියල් ලක්ෂ 40 පමණ මුදලක් ද ඉල්ලා ඇත.
කන්තලේ සිනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් 34 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහිදී රඳවා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් මහජන මුදල් ගෙවනවාට වඩා නරකද එම 34 දෙනාට ඇතුලේ ඉදගෙන කරන්න වැඩකට යොමු කලානම්
මේ මිනිසුන් විදින දුක අපද දැක ඇත. ඒ අය මෙතෙක් කල් එසේ හරිහමන් වැටුපක්ද නොමැතිව හැකි පමණින් එම මහජන දේපොළ ආරක්ෂා කරගෙන සිටින එකත් පුදුමය. එබැවින් අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනා කරන්නෙමු. ඔය එක එක " ගොන් පාට්" විවුර්ත කිරීම සහමුලින්ම නවතා දමා ඒ සදහා වැයවන මුදල් මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හැකි ඉක්මනින් යොදවන මෙන් ඉල්ලා සිටින්නෙමු. එලෙසම මෙම කර්මාන්තශාලාව හැකි ඉක්මනින් නැවත පටන් ගැනුමට හැකි නම් එය රටට කරන හොද ආයෝජනයකි.
ආයෝජකයෝ එන්නේ නැහැ. මැති ඇමතිවරු කොමිස් ඉල්ලනවා කෝටි ගණන්. ජනතාවනි, දුෂකයන්ගෙන් රට බේරා ගැනීමට පියවර ගන්න දේශපාලනය පසෙක දමා දැඩි තීරණ නොගත්තොත් දු දරුවන් අනතුරේ.
ගිය වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා සීනි කර්මාන්ත ශාලාව වහලනේ තිබුනේ. තරුණයෝ ටිකක් ගිහිල්ලනේ සුද්ද කරන්න පටන් ගත්තේ කාටද එතකොට පඩි ගෙවන්නේ.
ඕනෙම කම්හලක් අවුරුදු ගණනක් වහලා තිබුනම කරන්න තියෙන්නේ එක දෙයයි. පරණ යකඩ වලට දීලා අලුත් යන්ත්‍රාගාරයක් , වැඩි කාර්යක්ෂම එකක් සවි කරන එක. ඒකට අපිට සල්ලි නැති හින්දා පරණ වෙච්ච ලදරන් තියාගෙන කම්හල් කියලා නඩත්තු කරනවා. මේ නිසා තමයි ආර්ථිකය කඩා වැටෙන්නේ. ගන්න පුළුවන් නිපැයුම් ධාරිතාව අඩුයි. විදුලිය හෝ ඉන්ධන වියදම වැඩියි. අවශ්‍ය සේවකයින් ගණන වැඩියි. ඔක්කොම එකතු වුනාම මේවා පුද්ගලික අංශයට දීලා බදු අරගන්න එක රජයට ලාභයි. සේවකයින්ට(වැඩකරන) හොඳයි. හොර සේවකයින්ට නම් ඉතින් දෙවි පිහිටයි !