(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා අද (23) සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම , පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මෙම නව රථවාහන සැලැස්ම හඳුන්වා දී තිබේ.
ඒ අනුව කොළඹ , මීගමුව දෙසින් ගුවන් තොටුපළ වෙත පැමිණෙන විට හමුවන පිවිසුම ප්‍රධාන පිවිසුම ලෙස සළකා භාවිතා කෙරේ.
කොළඹ , මීගමුව දෙසින් පැමිණෙන වාහන සහ මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන ද ප්‍රධාන පිවිසුම ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු විය යුතුය.
ඉන්පසුව එම වාහන ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වෙත ප්‍රවේශ විය යුතු ආකාරය සංඥා පුවරු මගින් සහ ආරක්ෂක අංශ මග පෙන්වීම් යටතේ සිදු කෙරේ.
එමෙන්ම මිනුවන්ගොඩ දෙසින් පැමිණෙන වාහන සහ මිනුවන්ගොඩ දෙසට ගමන් ගන්නා වාහන සඳහා පෙර පරිදීම ගුවන් තොටුපළ ඉදිරිපිට කටුනායක - මිනුවන්ගොඩ මාර්ගය භාවිතා කළ හැකිය.
මිනුවන්ගොඩ දෙසින් ගුවන් තොටුපළ වෙත පිවිසෙන මාර්ගයේ ස්ථාපිත කර තිබූ ගුවන් තොටුපළට ඇතුළු වන පිවිසුම වසා දමා ඇති අතර ඒ අසළම ස්ථාපිත කර තිබූ ගුවන් තොටුපළෙන් බැහැරට පිටවීමේ ගේට්ටුව ද වසා දමා තිබේ.
මිනුවන්ගොඩ මාර්ගයේ ස්ථාපිත කර තිබූ ප්‍රධාන පිටවීමේ දොරටු දෙක විවෘතව පවතී.
මෙම නව රථ වාහන සැලැස්ම පිළිබඳව පසුගිය දින කිහිපය පුරා පෙරහුරු පැවැත්වූ අතර ඒවායින් ලද සාර්ථකත්වය මත මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
115
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට නව රථවාහන සැලැස්මක්
Jay Monday, 23 December 2019 10:50 PM
මේකත් එක්කම ගුවන්තොටුපල ඇතුලත් නව සැලැස්මක් ක්‍රියාත්මක උනොත් හොඳයි.