මහින්ද නිශ්ශංක
දින දෙකකට පසුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) අලුයම සිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ඒ අනුව අද (29) රාත්‍රී යාපනය හා කන්කසන්තුරය සිට කොටුව රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වේ.
උතුරු මාර්ගයේ අඹන්පොළ සහ ගල්ගමුව අතර ඉකුත් 27 වැනිදා යාල්දේවී දුම්රිය පිලිපැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබිණි.
COMMENTS
දුම්රිය කියන්නේ ඇවිදින පාලමක් උතුර දකුණ යා කරන නිහඬ තොටියෙක් දුම්රියෙන් සංස්කෘතියට සහ සමාජ පැවැත්මට එල්ලවන බලපෑම ඉතා විශාලයි...
දැන් ඉතින් පීලි පනින්නේ නැතිව දුවන්න බලමු. අබල දුබල වෙච්ච දේවල් හදා ගන්න ටික කලක් ගත වේවි. ඉවසීමෙන් ඉම්මු.
තැපැල් දුම්රිය කොහොම වෙතත් යාල් දේවි කියන්නේ අපේ ප්‍රවාහන ඉතිහාසයේ සංකේතයක්. ඉස්සෙල්ලම ආවේ යාල් දේවි, උඩරට මැණිකේ සහ රුහුණු කුමාරි. කොටි යාල් දේවියට ගිනි තිබ්බේ ඇයි කියලා ඒ අයවත් දන්නේ නැතුව ඇති. ඒකෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේ දෙමළ ජනතාව. මේක ජාතීන් දෙක අතර දුවන කෝච්චියක්. කොහොම හරි දුවන්නම ඕනෑ.