(විජේරත්න රත්නායක )
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 - 25 කණු අතර එක් ස්ථානයක ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම කඩා වැටී මාර්ගය ගිලා බැස නායයාමේ දැඩි අවදානමකට ලක්ව තිබේ.
අවදානම් බෑවුමක් හා වංගුවක් සහිත මෙම ස්ථානයේ මේ වන විට වාහන ගමනාගමනයට බාධාවක් නැතත් මාර්ගය නායයාම වැළක්වීමට කිසියම් කඩිනම් පියවරක් නොගතහොත් වාහන ගමනාගමනය අත්හිටුවීමට සිදුවිය හැකි බව ඇල්ල පොලීසිය පවසයි.
මේ දිනවල පවතින දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්වය මත නායයාමේ හා ගල් පෙරලීමේ අවදානම සහිත මෙම මාර්ගයේ වාහන ධාවනයේදී දැඩි ලෙස සැළකිළිමත්ව හා ප්‍රවේසම් සහිතව කටයුතු කරන ලෙස ඇල්ල පොලිස් රථවාහන අංශය රියදුරන්ට අවවාද කරයි.


COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මන් තීරුව පමණක් තාවකාලිකව වසා දැමුවොත් වඩාත් සුබයි නේද? අනතුරක් අතළඟයි. .