(ප්‍රසාද් රුක්මල්)
රාවණා ඇල්ල වනරක්ෂියට අයත් ‘ඇල්ල රොක්’ කදු රක්ෂිතයේ දැනට පැතිර යමින් පවතින ගින්නත් සමඟ රක්ෂිතයේ ගල් පර්වත පහළට අද (23) කඩා වැටීමට පටන් ගැනිමත් සමඟ මේ වන විට ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ.
ඊයේ (22) සවස හටගත් මෙම ගින්න දැනට දින දෙකක් පුරා රාවණා ඇල්ල වන රක්ෂිතයේ පැතිර යමින් පවතී.
රක්ෂිතයේ ගින්නත් සමඟ රත්වී පස් බුරුල්වී තිබෙන බැවින් ගල් පර්වත මාර්ගයට කඩා වැටීමට පටන් ගෙන ඇති බවට විශ්වාසයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියදුරන්ට කල්පනාකාරීව ආරක්ෂිතව රිය පදවන ලෙසට ඇල්ල පොලිසිය දැනුම් දෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.