
(*** කටුනායක ටී.කේ.ජී. කපිල)
රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක් (2,48,00,000) වටිනා මෙතැම්පටමයින් නමැති විස මත්ද්‍රව්‍ය පෙති 4960 ක් ඇඟලුම් බහාලූ පෙට්ටියක සඟවා, කටුනායක කුරියර් භාණ්ඩ නිශ්කාශන මධ්‍යස්ථානයට ගුවන් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය පෙති එක්ස්ටසි (Ectasy) යන නමින්ද හඳුන්වන අතර, නාගරික ජන සමාජවල තරුණයන්ට මේවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවට වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයකට නෙදර්ලන්තයේ සිට මෙම ඇඟලුම් බහාලුම ලැබී තිබුණ ද, එය මෙතෙක් බාර ගැනීමට කිසිවෙකු නොපැමිණි නිසා, ඒ පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, මෙම පෙට්ටිය විවෘත කර පරීක්ෂා කර බලා ඇත.
මෙම පෙට්ටිවල ව්‍යාජ ලෙස සකස් කළ බිත්ති තුළ මෙම මත්ද්‍රව්‍ය පෙති තොගය සඟවා තිබියදී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.
මේ වනවිට මෙම බහාලුමේ සඳහන් ලිපිනය පිළිබඳව සොයා බැලුවද මෙහි නම සඳහන් අයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති හෙයින් කිසිවෙකු මේ පිළිබඳව අත්අඩංගුවට ගෙන නොමැත.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 30
36
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඟලුම් අස්සේ කෝටි දෙකහමාරක මත්පෙති