(ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘අසූ දහසක් රුක් රෝපණ’ ව්‍යාපෘතිය සඳහා අද (05) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ ලංකා බැංකුව අවබෝධතා ගිවිසුමකට එළඹිණි.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී මෙම අවස්ථාව පැවැත්විණි.
හබරණ හුරුළු රක්ෂිත වනාන්තරයේ සහ ගල් ඔය රක්ෂිත වනාන්තරයේ වන හානියට ලක්වු තෝරාගත් හෙක්ටයාර් 100ක භූමි ප්‍රමාණයක වනාන්තර ප්‍රවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද සත් ක්‍රියාවක්. අනාගත පරපුරට ලබාදෙන්න පුළුවන් තවත් හොද ආයෝජනයක්. ප්‍රමාදවී හෝ මෙවන් වැදගත් ක්‍රියාවන් කිරීමට "මනස දියුණු " කරගැනීම පිලිබදව අප සතුටු වන්නෙමු.
අරයා ඒවත් කපලා දායිද දන්නේ නැහැ. එයාට ගස් පේන්න බැහැ.
මේ කැලෑවල සිටවන්න ඕනෑ.. නුග ගස්, බෝගස් වගේ ඒවා. නැත්නම් මේවා ලොකු වුණු ගමන් දේශපාලුවෝ කපනවා...
වැඩේ නම් බොහොම අගෙයි . හැබැයි පුතෝ ටය් සුට් ගහගෙන ඔය වැඩේ කරන්න බැහැ. කොට කලිසමක් හරි අමුඩ කෙටියක් ගහගෙන වැඩේට බහින්න ඕනේ .