(එෆ්.අස්ලම්)
අල්ලස් දූෂණවලට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින බවත් සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම්වලට ලක් වන බවත් අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සංවිධානය කර තිබිණි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවති එම සම්මන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දූෂණයට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම්වලින් බේරී සිටින අතර සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම් වලට ලක් වන බවයි.
අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් බව ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීහු, රජයේ නිලධාරීහු සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකවරු මෙම වැඩමුළුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බව මේ අවුරුදු 72 ක දේසපාලන ඉතිහාසය පුරාවටම ඔප්පු කර තිබෙනවා. එදා සිට අද දක්වා අල්ලස්, දූෂණ කළ එකදු දේශපාලනයෙකුදුවත් සිරගත වෙලා තිබෙනවද? හැබැයි ඒ වෙනුවට දේශපාලන දූෂකයින්ව අත්අඩංගුවට ගන්න එපා කියන අධිකරණ නියෝග නම් බාධාවකින් තොරව ගැනීමේ හැකියාව නම් හිමිවෙලා. අනේ කාලේ වනේ වාසේ...
එ්ක නම් සහතික ඇත්ත.. හිරේ ලගින්න ඕනෑ දූෂිතයින් ඔය ජනාධිපති වෙන්න දඟලන්නේ. අඩුමගානේ උසාවි එන්නේවත් නැතුව. ඒවාට වාරණ දාගෙන අපි කොහොමද ඒ වගේ එවුන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ...?
තහනම් නියෝග ගන්න පොලිටික්කන් ගැන හොයලා බලපුවම තරම තේරෙනවා. නියෝග ගන්න වියදම් කරන්න පුළුවන් හොරුන්ට විතරයි. සාමාන්‍ය අයට ඒ වියදම් දරන්න බැහැ.
ආණ්ඩුකාරතුමනි, ඔබතුමා හැකිනම් සාමාන්‍ය කෙනෙක් හැටියට රජයේ කාර්යාලයකට ගිහින් බලන්න නිකන් වැඩක් කරගන්න පුලුවන්ද කියලා.
මුල හොදනම් ගහ ශක්තිමත්. ගහ ශක්තිමත් නම් ඵලදාව බඩ පුරවයි. නැතිනම් එයින් ලැබෙන සිසිලස සිත සුවපත් කරයි. මුළු යාන්ත්‍රණයම නිසා රටම වල පල්ලට ගිහින් හමාරයි. දුෂිත පාලකයින් ඉන්න රටක නිළධාරින් කෙසේ නම් දුෂිත නොවී ඉන්නද ?
මුල හොඳ නම් ගහ ශක්තිමත්. ගහ ශක්තිමත් නම් ඵලදාව බඩ පුරවයි. නැතිනම් එයින් ලැබෙන සිසිලස සිත සුවපත් කරයි. මුළු යාන්ත්‍රණයම කකුළු න්‍යාය නිසා රටම වල පල්ලට ගිහින් හමාරයි. දූෂිත පාලකයින් ඉන්න රටක නිලධාරින් කෙසේ නම් දූෂිත නොවී ඉන්නද?