(සිතුම් චතුරංග)
පුද්ගලයකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් මහවැලි අධිකාරියේ බෝගස්වැව, නාමල්ගම ඒකකයේ කළමනාකරු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වවුනියාව නාමල්ගම ප‍්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් හිමිකරුවකු නොමැති ඉඩමක් ලබාදෙන බව පවසමින් එම පුද්ගලයාගෙන් අල්ලස් ලබාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මහවැලි අධිකාරියේ බෝගස්වැව, නාමල්ගම ඒකකයේ කළමනාකරු වූ ඩබ්ලිව්. එම්. එම්. කේ. ආර්. කේ. ජයතිලක නැමත්තෙකි.
සැකකාර කළමනාකරු වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

COMMENTS
භූ විද්‍යා හා පතල් කැනීම් අංශයෙන් ගහන හැහිලිවලට ඕවා මොනවද?
රුපියල් 5000ක අල්ලස් ගත්ත කෙනා ගැන ලොකුවට කතාකරනවා. කොටි 30ක් කොහෙද ගන්නකොට අල්ල ගත්ත කෙනා ගැන කිසිම කතාවක් නැහැනේ.