IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමාත්‍යාංශ රාජකාරී සඳුදාට පෙර අරඹන්න ජනපති නියෝග

 

(අජන්ත කුමාර අගලකඩ)

සිය ආයතනවල රාජකාරී කටයුතු  ලබන සඳුදාට (17)  පෙර බාරගන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.

එක් එක් අමාත්‍යංශය පිහිටි ස්ථාන ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩලවලට වෙන්වන පහසුකම්  වාහන ආදිය ඇතුළත් විස්තරයක් කැබිනට් ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට ජනාධිපති  කාර්යාලයෙන්  යවා ඇතැයිද වාර්තාවේ.

 මෙම  විස්තර වාර්තාව ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්  අද (12) දිවුරුම් දුන් අවස්ථාවේදී  ඔවුන් අතට පත් කර ඇති බවද දැනගන්නට ඇත.



අදහස් (7)

අමාත්‍යාංශ රාජකාරී සඳුදාට පෙර අරඹන්න ජනපති නියෝග

මාතර සත්‍යාපන Thursday, 13 August 2020 01:52 AM

අතිගරු ජනාධිපතිතුමණි, ඔබේ උත්සාහය හරි. ඒ සඳහා ඔබට ආශීර්වාද කරමි. කෙසේවෙතත් ඇමතිවරු වැරදි නොකරනවා නොවෙයි. එහෙම වෙන්න පුලුවන්. ඒ නිසා ඒ අයගේ වැරදි වැඩ ගැන ලියන්න වෙනම පහසුකම් සපයන්න. ඒ ගැන ඔබ පුද්ගලිකව අධීක්ෂණය කරන්න. එතකොට දූෂණ, වංචා සිදුවෙන එකක් නැහැ. මේ ඔබේ රජයයි. කවර වරදක් වුණන් බිල වැටෙන්නේ ඔබටයි. අයියට වුණෙත් ඒ ටිකම තමයි. ඔය ෂාන්ලා, මර්වින්ලා, සචින්ලා, රාසපුත්තලා කරපු හැම දේම ගියේ මහින්ද මහත්තයා පිටින්. අපිට අවශ්‍ය මේ ආණ්ඩුව තියා ගන්න. ඔබේ ඇමති මණ්ඩලය බොහෝදුරට නිවැරදියි. අධ්‍යාපන ඇමතිකම දෙන්න ඕන ඉන්න ඉහළම බුද්ධිමතෙකුට තමයි. ඒත් ඩලස් මහත්තය නරක කෙනෙක් නොවෙයි. එතුමා රටට කිසිසේත්ම හානියක් කරලා නැහැ. වැරදි කරන ඇමතිවරුන්ට දෙවරක් හිතන්න එපා. දැඩි දඬුවම් දෙන්න. ගුරුවරු දණගස්සවන යුගයක් නැවත ඇති කරන්න එපා. ජනතාව ගැන වරක් නොවෙයි දහස් වරක් හිතන්න. ඔබ ඔය තනතුරට පත්කලේ අපි වගේ පාවෙන ඡන්ද තමයි. විශ්ව විද්‍යාල සිසුන්ට අත තියන්න එපා. එස්.බී.ලා කරපු වැඩ කරන්න නැවත ඉඩ තියන්න එපා.

:       0       4

sanju Thursday, 13 August 2020 03:12 AM

ලොකු වෙනසක් වෙනවා ජනාධිපතිතුමනි, ඔබ ඉතිහාස ගතවෙනවා අනිවාර්යයෙන්...

:       0       34

කේ.ජී.සමරසිංහ Thursday, 13 August 2020 03:30 AM

මෙම පිටුව මගින් දැනගත යුතු දේ ඔන්ලයින් මගින් දැනගත හැකි ය.

:       3       0

vidya Thursday, 13 August 2020 04:42 AM

ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ අත්සන් කරන්න පොතක් තියලා එන්නේ නැති අයට රතුඉර ගහන්න පෑනකුත් තියලා දැන්මම පටන්ගන්න. පසුගිය කාලයේ සමහරු පාර්ලිමේන්තුවට අවුරුදු 5ටම 4 සැරයයිලු ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම කොළඹට ගෙනැල්ලා පෙට්‍රල් පුච්චලා පරිසරය විනාශ කරන්නට ඉඩ නොතියන්න. ඔක්කොම ගම් මට්ටමේ තියලා අත්‍යාවශ්‍ය අය පමණක් ගෙන්වලා වැඩේ ඉවර වුණාම ඉක්මණට පිටත් කරලා යවලා සිරිසේන මහත්තයාට ව්‍යාපෘතියක් දෙන්න. පොලොන්නරුවට වෙලා කරලා වැඩ පෙන්නුවට පස්සේ ඇමැතිකමක් දෙන්න ටයි දාගෙන ගොවිපළවල් බලන්න, කුඹුරු බලන්න යන අයගේ ටයි ගලෝලා සාමාන්‍ය මිනිසුන් වගේ යන්න කියන්න.

:       117       257

සුමනThursday, 13 August 2020 06:14 AM

2/3 ඉල්ල ගත්තේ ඔයාලගේ උපදෙස්වලට වැඩකරන්න නෙමෙයි මහත්මයා. කුරුණෑගල නගරාධිපතිව වරෙන්තු කරලා තියෙද්දීත් යසඅගේට නීතිය නවලා මගඇරියේ ජනාධිපති, අගමැති ආශීර්වාදයෙන්ම තමයි. මොන පක්ෂෙ වුණත් ඔහොම හැසිරෙන එක ඡන්දෙ දීපු මිනිස්සු අනුමත කරන්නේ නෑ.

:       275       222

Puppa Thursday, 13 August 2020 06:10 AM

හොරු ටික සෙට්වෙයි වැඩ අල්ලන්න. ඉස්සෙල්ලාම බලයි තමන්ට ලැබෙන වාහන ටික ගැන.. ඊට පස්සෙ බලයි කොහෙන්ද ෂේප් එකේ ගාණකපාගන්න පුළුවන් කියලා. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.

:       5       33

Bamunuarachchi Friday, 14 August 2020 05:17 AM

තාම කාර්යාල කාපට් කරන්න, කර්ටන් දාන්න කාලයක් ලැබුණේ නැහැනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13318 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10958 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 60 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site