(ඉෂාන් සංජීව)
රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන උළළේදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය තුමිඳු දොඩන්තැන්න හිමි කර ගත් අතර අතර ජනප්‍රියම නිළියට හිමි සම්මානය නයනතාරා වික්‍රමාආරච්චිට හිමි විය.
"රයිගම් ටෙලි සම්මාන 2017" සම්මාන උත්සවස මාධ්‍ය ක්ෂේත්‍රයේ, නළු නිළියන්ගේ, ගායකගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දි පැවැත්විණි.
එහිදි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානයෙන් ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ රෝහණගේ චරිතයට පණ පෙවු මයුර කාංචනට හිමි විය.
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශයේ වු “මේ මමයි” ටෙලි නාට්‍යයේ හර්ෂිට පණ පෙවු බුවනි චාපා දියලගොඩට හිමි විය.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” ටෙලි නාට්‍යයේ ජිනපාල චරිතයට පණ පෙවු ආනන්ද කුමාරට හිමි වු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ “යසෝ මැණිකේ” චරිතයට පණ පෙවු නයනා හෙට්ටිආරච්චිට හිමි විය.
විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුල්වමිය” ටෙලි නාට්‍යයේ“එඩ්වින්” චරිතයට පණ පෙවු මහේන්ද්‍ර පෙරේරාට හිමි විය.
වසරේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යයේ“චංචලා” චරිතයට පණ පෙවු නදී කම්මැල්ලවීරට හිමි විය.




COMMENTS
පවතින "සිස්ටම්" එකේ කිළිටි ස්වභාවය දකිමින් තමන්ටම හිනාවෙන ලෝලයින් කූඹියෝ මාරයි කියද්දී දවසේම මහන්සි වෙලා හවසට ටෙලියක් බලන්නේ හිත සැහැල්ලු කරගන්න වගේ කියන්නන් දෙවෙනි ඉනිමේ ලෝලයින් වෙනවා. විසිරුණු වින්දන පරාසයක් ඇති, කතාන්දරයක් බලන්න කැමැති කට්ටියක් ඉඩ ලැබෙන විටෙක මේ දෙකම බලනවා. නොදරුවන්ගේ හුරතලය නිසාවෙන් හෝ මේක හරි ආතල් සමාජයක්ය. කැරපොත්තො නැති, මැස්සෝ මදුරුවෝ නැති සුන්දරම සුන්දර සමනල වර්ණ ලෝකයක්ය කියා පෙන්වන නිසාවෙන් හෝ " ජනප්‍රිය " වෙන තාලයට අනුකූලව වැල යන පැත්තට මැස්ස ගහමින් කතාවේ මුඛ්‍ය අර්ථයට කිසිසේත්ම අදාළ නැති අලුත් චරිත, අලුත් සිදුවීම් එකතු කරමින් ඉමක් නැති කොනක් නැති "කලාල" ගොතමින් ටෙලි නාට්‍ය රබර් බවට පත් කරන බොළඳ නිර්මාණ ගොන්නට කුඹියෝ අකාලයට වැටුණු වැහි පොදක් වගෙයි. එහි සාර්ථකත්වය නිසා අද ඒ ගැන විශාල කතා බහක් ඇතිවී තිබුනත් කුඹියෝ නිපදවා අවසන් වී වසර ගණනාවක් යනතුරු පෙන්වාගන්නට බැරුව එක එක නාලිකා මඟින් ප්‍රතික්ෂේප වෙමින් අවසානයේදී බැරිම නිසා පාඩුවට දෙන්නට සිදුවූ බව එහි නිෂ්පාදකවරයා පවසා තිබුණා මතකයි.
sms වලින් විතරක් නෙවේ කූඹියෝ ඇත්තටම ජනප්‍රියයි, හැම කොටසක හැම චරියතයක්ම හොදටම රගපානව, අධ්‍යක්ෂ වරයාගේ නළු නිලි මෙහෙයවීම ඇති සාර්ථකයි.
තුමිදු ට ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබිය යුතුමයි. දෙවෙනි ඉනිම ගැන කථා කිරීමත් තේරුමක් නැත. දැන් අප 'සිදූ'සහ 'දෙවෙනි ඉනිම' බලන්නේ නැත. තිර රචකයා අතරමං වී ඇති සෙයක් පෙනේ. ඒ වගේම ඔහු කොඩිවින ගැන ප්‍රවර්ධනය කරන්නෙකි. නුතන ලෝකය නොදියුණු ගල් යුගයක් කරා ගෙන යන්නෙකි.දැන් විකට චරිත ප්‍රධාන චරිත වී ඇත. ඕයි තමුසේ උඹ යනාදී වශයෙනුයි. පවුල් අතර කතා බහ කරන්නෙත්. කිසිම ආදර්ශයක් නැත.
ගන්න දෙයක් නැති දෙවැනි ඉනිමේ කෙනෙක් ජනප්‍රියම නිළිය වෙන්නේ අපේ සමාජයත් ගන්න දෙයක් නැති තැනට පත්වෙලා තියෙන නිසයි. ඒත් එක්කම කූඹියෝ තුමිඳු ජනප්‍රියම නළුවා වෙන්නෙත් ඒ සමාජ ක්‍රමය තුළින්ම ඒ සමාජ ක්‍රමයටම නැගුන ප්‍රතිවිරෝධය නිසයි. මේ සිදුවීම දෙවැනි ඉනිමේ සියලුම දෙනා "බින්දුවට" දැවීගිය අවස්ථාවක් වගෙයි මට නම් පෙනෙන්නේ.
මෙවැනි අවස්ථාවකට සහභාගී වනවිට සමහර නිළියන්ට සැරසිය යුතු අන්දම ගැනවත් දැනුමක් නැති බවයි පෙනෙන්නේ...