


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක , ආචාර්ය බෙල්ලන්විල ධම්මමරතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
COMMENTS
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිනම් ලංකාවේ කැබිනට් මණ්ඩලය 15 සහ නියෝජ්‍ය ඇමති මණ්ඩලය 15 කරන්න ඉදිරියටත් මෙය ක්‍රියාත්මක කර පෙන්වන්න. ඉන්දියාව ලංකාව මෙන් 60 ගුණයක් විශාලය. නමුත් කැබිනෙට් මණ්ඩලය 25 කි. ඔබ වෙනස් දේශපාලන ගමනක් යාමට බලාපොරොත්තුව සිටින බව සැබෑය. එම නිසා රටට ඔබගේ වැඩ පිළිවෙල ක්‍රියාවෙන් පෙන්වන්න. රටේ ජනතාව ඔබට 69 ලක්ෂයක් ඡන්දය දී පත්කර ගත්තේ ඇසට පෙනෙන ඇඟට දැනෙන වෙනසක් බලාපොරොත්තුවය. දැන් එය පටන්ගෙන ඇති බව පෙනේ. ලංකාවේ නිදහසෙන් පසු බිහි වූ හොදම රජය ඔබ විසින් පිහිටුවා ඇති බව පෙනෙන්නට තිබේ. ඔබ වචනයක් දුන්නොත් එය අකුරටම ක්‍රියාත්මක කරන බව ප්‍රකටය. එම නිසා ඔබගේ රජය ඉතාම අඩු ඇමති මණ්ඩලයකින් විශාල සේවයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අපට පෙනේ. එමෙන්ම රජයේ නිලධාරීන්ගෙන් වැඩ ගැනීමට ඔබතුමා සූරයෙකි. එක දුරකතනයෙන් බොහෝ දේ ඔබතුමා විසින් කර ඇතිබව අප දනිමු. ඔවුනට තදින්ම සිටිය යුතුය. නොඑසේනම් ලංකාවේ බොහොමයක් රජයේ ඉහල නිලධාරියකු සේවය නොකරන්නේය. ඒවගේම කිසිම විදේශ තානාපතිවරයකුට ලංකාවේ දේශපාලන හෝ රජයට අතපෙවීමක් කෙසේවත් නොකර ගන්න. තනිකරම සිංහල ඡන්දවලින් ඔබ ජනාධිපති වීම ගැන ඔබ වගේම අපත් ආඩම්බර වෙමු.
ගෝඨාභය රාජපක්ෂ මහතාව රටේ ජනතාව පත්කර ඇත්තේ ඍජු තීන්දු තීරණ ගැනීමටය. පසුගිය රජයයන් වල මෙන් මෙතුමා වටේ සිටින අයගෙන් උපදෙස් නොගෙන තීන්දු ගැනීම ජනාධිපතිවරයාට හැකිය. එය ඔහු සතු බලයකි. පසුගිය රජයන්වල සිටි පුද්ගලයන්ගේ උපදෙස් මත ජනාධිපතිවරු තීරණ ගැනීමට ගොස් එම ජනාධිපතිවරු අමාරුවේ වැටිණි. ඔබතුමා හිටපු හමුධා නිලධාරියකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයා නිසා ඔබට රටේ පාලනය පිළිබද හොද වැටහීමත් තිබෙන බව රටේ සමස්ත ජනතාව දනී. වටේ සිටින කේවට්ටයන්ගෙන් ප්‍රවේසම් වන්න.
පන්සල් යනවා හැරෙන්න වෙනයමක් දන්නෙම නැද්ද? අයියා, මල්ලී උදේ ඉඳලම පන්සල් ගිය එක විතරයි කලේ, කෝ දෙවියෝ? මුළු රටම ණය කාරයින් බවට පත් වෙලා... ජනතාවගේ වැඩි දෙනෙක් මුස්ලිම් ජනතාවට දෙහි කප කපා, කුහකකමෙන් පෙලෙන ජාතියක් බවට පත්වෙලා...
ඔබ ජනාධිපතිකමට දිව්රුම් දුන්නේ අනුරාධපුරයේ නායක ස්වාමීන්වහන්සේලා ඉදිරියේ... ඊට පසු, නුවර මාලිගාවත් වැඳගත්තා. ඒ ඇති, හාමුදුරුවරු පක්ෂ බෙදාගෙන වැඩකරනවා. ශාසනය අගෞරවයට පත්කරන්නේ, මෙවැනි වැඳුම් පිදුම් නිසයි. ප්‍රධාන වන්නේ පන්සලයි. දේශපාලකයින්ට, පන්සල් ගානේ යන එක නතර කරන්න. පොඩි පන්සල් වඳින්න ඕනෑ නම් අැයි, මැදවච්චිය, අම්පාර අනිකුත් දුෂ්කර පළාත්වල තිබෙන පන්සල් වලට නොයන්නේ? ඇත්තටම ඒ පන්සල්වල බුදුහිමියන් වැඩ සිටිනවා. මොකද ඒ හාමුදුරුවෝ දේශපාලනය කරන්නේ නැහැ. ගමේ සියලුම දෙනා සමග සමගියෙන් ඉඳගෙන, පොඩිසාමණේර වරුන් ආදරෙන් රැකබලා ගන්නවා. දේශපාලකයින් සැලකුම් ලබාදෙන්නේ නමගිය ප්‍රසිද්ධ පන්සල්වලට පමණයි. මේ හාමුදුරුවරුත් දුප්පත් පන්සල්වලට උදව් කරන්නේ නැහැ. ගමට සේවයක් කරන්නෙත් නැහැ. දේශපාලකයින් සමග ගජරාමෙට වැඩ.. මේ දේවල් නතර කරන්න ලොකු හාමුදුරුවන්ට උපදෙස් දෙන්න. මුදලින් අාධාර ලොකු හාමුදුරුවන්ට පමණක් දෙන්න. ඒ මුදල් අවශ්‍ය පන්සල් වලට පමණක් දෙන්න කියලා.... මේ රට යහමගට ගන්න නම්... මේ හාමුදුරු ගොල්ලන්ගෙන් අයින් වෙන්න. ලොකු හාමුදුරුවන්ගේ පන්සල වැන්දම ඇති, ලබන සතියේ සිට කොළඹ අවට පන්සල් ටික විවෘත කරලාම අවුරුදු හතර ගෙවිලා යයි. මෙයින් මිදෙන්න.. භක්තිය හිත ඇතුලේ තිබුණාම ඇති...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැන්ගි හොරා වැඩ නැත. කියනදේ සියල්ල මාධ්‍ය ඉදිරියේ විවෘතව ලබා දෙන නිසා රටේ ජනතවට සත්‍ය දැනගැනීමට හැකියාවක් තිබේ. පෙර සිටි දේශපාලකයන් මෙසේ ක්‍රියා නොකළේය. කිව්වේ එක දෙයකි කලේ තව දෙයකි. රටේ ඇති බහුතර ජනතව ඔහුව පත්කර ඇත්තේ වෙනසක් බලාපොරොත්තුවෙනි.
දැන් ඉතින් ඔය ආශිර්වාද ගත්තා මදැයි. ඔබතුමාගේ වැඩ පටන් ගන්න. නැත්තම් අවුරුදු 5ක් නෙමෙයි 10ක් රට පාලනය කළත් මේක සුද්ධ කරන්න කාලය මදිවෙයි.
කියන්න ඕන ටික චතුරි කියල තියෙනවා කඳුළු සැලෙන්නම.................