ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය.
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටියි.
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශීය ප්‍රජා වෙත ප්‍රතිකාර ලබාදීම ඔවුන් සමඟ වෛද්‍ය පිළිවෙත් හුවමාරු කරගැනීම සහ මෙරට වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත.
ඊට අමතරව ඇමෙරිකාව සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සම සහකරුවන් හා එක්ව මෙරට සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයීම් සහ ආපදා සහන, සූදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවා ලබාදීම වැනි කටයුතුවලද නිරත වීමට නියමිතය.
‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක්, ඇඳන් 1000කින් සමන්විත වන අතර රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම සඳහා යාත්‍රාංගනයකින් ද මෙම නෞකාව සමන්විතය.
2018 මෙහෙවර යටතේ මෙම නෞකාව ඉන්දුනීසාය සහ මැලේසියාවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවට පසු ඉන්දු - ශාන්තිකර (පැසිෆික්) කලාපය තුළ හවුල්කාරීත්ව, මිත්‍ර සබඳතා සහ බහුපාර්ශවීක වියට්නාමය සහ ජපානය වෙත ළඟා වීමට නියමිතය.
055

COMMENTS
වාසනාවන්. මොනා උනත් ඇමරිකා නේ....
මෙවැනි යාත්‍රා කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදාව යොදවා ගන්නේනම් අපේ රට වටා සෞඛ්‍ය පහසුකම් සපයන්න පුළුවන්. මෙවැනි යාත්‍රාවක් පරීක්ෂණ මට්ටමෙන් නිපදවීමට තාක්ෂනය අප සතු බව මට විශ්වාසය.
මේකටත් අපේ වෛද්‍ය සංගමය පාරට බහීද ??? අනේ ඒ වගේ ගොන්වැඩක් නම් කරන්න එපා.
වෛද්‍ය සංගමය කෙසේ වෙතත් විමල් වීරවංශ නම් ෂුවර් නැහැ.
වෛද්‍ය සංගමය ගැන මට මතක් වෙන්නේ "බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ" කතාව.
අපේ වකුගඩු රෝගීන්හට මේ අයගෙන් ප්‍රතිකරයක් ලබා ගත හැකිද?
මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්ද ?