
සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව, දේශීය කර්මාන්ත කරුවන් දිරිගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින්, පැරැණි අබලන් වූ දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය.
එහි එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගම එක්ව නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක්, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් විසින් මෙසේ ජනතා අයිතියට පත්කරන ලදී.
අමාත්‍යවරු දෙපළ ගමන්කළ දුම්රිය කොළඹ කොටුවේ සිට රාගම දුම්රිය ස්ථානය වෙත ගොස් ආපසු කොටුව දුම්රිය ස්ථානයටම ළඟාවිය. මේ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාද සහභාගී විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් අතිදක්ෂ හැකියාවක් ඇති ජාතිය සතු සම්පතකි. ඔවුනට නිසි මග පෙන්වා, අවශ්‍ය අය දිරිමත් කිරීමෙන් ඔවුන්ගෙන් රටට, ජාතියට මහඟු සේවාවක් සපයා ගත හැක. සුනාමි ව්‍යවසනයෙන් පසු විනාශ වූ දුම්රිය මාර්ග හැකි විගස ඔවුන් නැවත යථා තත්වයට පත් කල බව අපි දනිමු. අපි ඔවුන්ගේ මෙම සේවාව අගය කරමු. රටේ ධනය පිට රටවලට ඇදී යාම වළකමින් රටට අවශ්‍ය දුම්රිය මැදිරි මේ අන්දමින් අලුත්වැඩියා කර සේවයට යෙදවීමේ ඔවුන්ගේ මේ සේවය මුළු රටම අගේ කල යුතු වන්නේය. මේ කිසිදු අයුරකින් දුම්රිය සේවයට සම්බන්ද නැති අයෙකුගේ අදහසකි.
ඔය ගමන්ම ආණ්ඩුව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තොත් නරකද? අගමැතිවරයාට කියා ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගය පරාද වුනොත් "සම්මුති ආණ්ඩුව අහවර" බව සම්මුතිවාදය නිසාම ඇමැති තනතුරු හිමිකරගත් පිරිසක් නිවේදනය කලේ කාගේ වුවමනාවටද? එවකට එකම පෙරමුණක සිටි කණ්ඩායම් සමග එක්ව තනි ආණ්ඩුවක් හදා ගැනීමට අපූරුවට හැකියාව තිබියදී රනිල් වික්‍රමසිංහ සම්මුති ආණ්ඩුවක් පිහිටවූ බවක් එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ කර තියාගෙන ගිය දැන් නිවේදන නිකුත් කරන පිරිසට අමතකව ඇත. එදා හැටදෙලක්ෂයක් ඉල්ලා සිටියේ “ හොරුන් සහ මිනීමරුවන් උසාවි ගෙනැවිත්, ඔප්පු වුණොත් දඬුවම් දියව්, නැත්නම් නිදහස් කරව්” කියාය. පුරපසට සහ අවපසට ඒ මේ අත පනින දෙපිටකාට්ටුවන්ගේ බසට බියවී විශේෂ අධිකරණ පිහිටුවීමේ අණපනත් ප්‍රමාද කිරීම වැනි දේවල් කරපියව් කියා නෙවේ. විශ්වාසභංග නාඩගමට පසු වෙනත් අයට එරෙහිව අලුත් භංග ගෙන එනු ඇත."ජනතාව පාරට බස්සන ජන අරගල" දියත් කරනු ඇත. රට තවදුරටත් අස්ථාවර කරනු ඇත. වැඩක් කරන්නට ඉඩක් ලබා නොදෙනු ඇත. තව දුරටත් "බකන් නිලාගෙන" ඇනකොටා ගනිමින් කාලය නාස්ති කළහොත් සියලුදෙනාම එක ගුලියට වැනසෙනු ඇත.
මනෝලෝකයේ ජීවත් වෙන කොට ඔහොම තමයි.
පාරේ තදබදය අඩු කරන්න දුම්රිය සේවය තමයි හොඳම. දොරවල් වහගෙන දුවන්න පුළුවන් වුනොත් හොඳයි. ත්‍රීවීල් මාෆියාව නැති කරලා දෙන්න. ප්‍රයිවට් බස් මාෆියාව නැති කරලා දෙන්න.
මුළු රටම අගේ කරන මෙම ඉතා වටිනා කාරිය සඳහා තම ශ්‍රමයෙන්, දැනුමෙන්, දහදිය මහන්සියෙන් සහභාගි වුණු දුම්රිය සේවයේ තාක්ෂණ සේවක, නිලධාරි මහතෙක් ගෙන්වා මෙය විවෘත්ත කලානම් කොතරම් අගනේද?
අගය කල යුතු දෙයක්...
ඉතා හොඳ ආරම්භයක්... මේ වගේම මයික්‍රෝ සමාගම සඳහා දුම්රිය එන්ජින් නිෂ්පාදනය කිරීමට අවස්ථාවක් ලබා දුන්නොත් අපට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැක. එපමණක් නොව එය ශ්‍රී ලාංකිය අපට ආඩම්බරයක් වනු ඇත! ශ්‍රී ලාංකික සමාගම් දිරිගන්වන්න!! ජයවේවා!
ඔය නවීකරණය කරපු මැදිරියක් නේද? පසුගිය දිනක දෙමෝදර පාලම ළඟ පීලි පැන්නේ. සිරිපාල මහත්තයවත් බදුල්ලටම යවලා මේකත් ටෙස්ට් කරන්ට තිබුණා. මොකද 'බදුලු ගියා නාවෝ' කියලා කතාවක් තියනවනේ !
නිමල් සිරිපාල ඇමතිතුමාට, නරකද හයි ලෙවල් පාරේ තදබදය නැතිකරන්න කොට්ටාව මාකුඹුරේ අලුතෙන් හදන කාර් පාර්ක් එකේ ඉඳලා කොළඹ කොටුවට 'මොනෝ රේල්' එකක් දැනට තිබෙන කැලණිවැලි රේල්පාරට උඩින් දැම්මා නම්.... අල්ලපු වැටේ තියෙන මාලපල්ල ස්ටේෂන් එකට යාකරලා හදන්න පුළුවනි. හොඳ අාදායමකුත් ලැබේවි ! පස්සේ ඡන්දෙනුත් පරාද වෙනෙකක් නැහැ !
මෙය හොද වැඩක් ජය වේවා. මම දැක්ක අයෙත් ත්‍රී විලරයක් වගේ එකකට රෝද හතරක් දල හැප්පුනොත් මැරෙන වහනයක් ඉන්දියාවෙන් ගෙන්නන්න යනවා. ලංකාවේ නිෂ්පාදන වලට ඉඩ දෙන්න . ඉන්ද්යන් වාහන තහනම් කරන්න. මික්රෝ අපේ රටේ නිෂ්පාදනයක් එය දිරිමත් කරන්න .
වැඩේ නම් හොඳයි. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියල තිබුන CGR එකෙන්. අඩු ගානට CGR එකට කරගෙන යන වැඩේ වැඩි ගානකට පෞද්ගලික ආයතනයක දීල කියලා. දන්නා කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න. බසුත් මේ වගේ හදන්න. ආපහු ඒකල, වේරහැර, පනාගොඩ වගේ බස් බොඩි හදන තැන් ඇතිකරන්න. පිටරටට සල්ලි යන එක නවත්තන්න. ඉස්සර වගේ මෙහෙ හදන්න පුළුවන්. LANKA ASHOK LEYLAND කියල ගහල ඉන්දියාවෙන් ගෙන්නනවා.