
(දයාසීලි ලියනගේ)
මේන්තු මැති-ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුපට සම කිරීමේදී රජයට කෝටි 445ක මුදලක් වසරකට වැය කිරීමට සිදුවී ඇති බව වාර්තාවේ.
මෙම වැටුප් වැඩිවීම සිදු කෙරෙන්නේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය ඇතිව බවද වාර්තාවේ.
මැති ඇමැතිවරුන් ලබන අනෙකුත් දීමනා හැර වැටුප් වශයෙන් ලබන දීමනාව සඳහා පමණක් මෙම මුදල දැරීමට රජයට සිදුවනු ඇත.
ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ වැටුපට සමානව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ දීමනාද වැඩිවිය යුතු බවට මෙතෙක් පැවැති ක්‍රමවේදයට අනුව මෙම වැඩිවීම සිදු කිරීමට යන බව සඳහන් වේ.
වර්ෂ 2016 දී අවසන් වරට ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් වැඩිකරනු ලැබුවත් එයට සමානව මැති ඇමැතිවරුන්ගේ දීමනාව වැඩි කෙරුණේ නැත.
එම දීමනා වැඩිවීම මේ වසරේ ක්‍රියාත්මක කිරීමට යයි.
නව වැටුප් වැඩිවීමට අනුව මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 54285 සිට රුපියල් 120,000 දක්වාද නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63500ක සිට 1,35,000ක් දක්වාද, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 65,000 සිට 1,40,000 දක්වාද වැඩිෙවනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුපට අමතරව සංග්‍රහ දීමනාව, පාර්ලිමේන්තු සැසි වාරයකට සහභාගි වීමේ දීමනාව, කාර්යාලයක් පවත්වා ගෙන යාමේ දීමනාව, තැපැල් දීමනාව, දුරකථන දීමනාව, ඉන්ධන වියදම් දීමනාව සඳහා තවත් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ද හිමිවේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැති අමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව තමන් නොදන්නා බවයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැති ඇමැති වැඩිවෙන වැටුපට වසරකට කෝටි 445 ක්