(අජන්ත කුමාර අගලකඩ)
වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද පැවැසේ.
පළාත් සභා මැතිවරණය මේ වසර තුළදීම පැවැත්වීමට රජය අපේක්‍ෂා කළ ද, මේ වසරේ අයවැය ඉදිරිපත් කිරීමට තිබීමත්, අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තිබීමත් නිසා එය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය මෙයට පෙර ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති බව ද දැන ගන්නට ඇත.
පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට ඉකුත් රජය යටතේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කර ඇතත්, සීමා නිර්ණ වාර්තාව පාර්මේන්තුවේ දී පරාජයට පත්වීම හේතුවෙන්, පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයට හෝ පැරැණි ක්‍රමයට පැවැත්වීමට නොහැකිව සිරවී තිබේ.
ඒ අනුව පළාත් සභා මැතිවරණය දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ.
පළාත් සභා 9 න් ඌව, බස්නාහිර සහ දකුණු පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් 2019 වසරේදී ද, මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනේ නිල කාලය 2018 වසරේදී ද, නැගෙනහිර, සබරගමු හා උතුරු මැද යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේදී ද අවසන් විය.
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී