වැඩකට නැතිව මුදල් වැය කරලා
(සුජිත් හේවාජුලිගේ)
සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේ දී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය පවසයි.
සේවක අර්ථසාධක අරමුදල 2020 වර්ෂයේ දී එක්තරා සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් එම සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම නිසා අහිමිව ගොස් ඇතැයි රජයේ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මෙයට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති බවත් 2020 වර්ෂය වනවිට ද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබීම නිසා එම මුදල්වලින් කිසිම ප්‍රතිලාභයක් අත් නොවුණු බව ඒ වාර්තාව සඳහන් කරයි.
සේවක අර්ථසාධක අරමුදල ලයිස්තුගත සමාගම් 83ක රුපියල් කෝටි අටදහස් තුන්සිය හතළිස් හයක මුදලක් ආයෝජනය කර තිබුණ ද 2020 දෙසැම්බර් මස 31 වෙනිදා වනවිට එම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම කෝටි හත්දහස් අසූවක් දක්වා කෝටි 1265කින් එනම් සියයට 15කින් පමණ පහත වැටී තිබුණු බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ථසාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ