(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන විශේෂ ගුවන් යානය අද උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
මෙම වසංගත රෝග තත්වය නිසා සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු පමණ මෙම ගුවන් යානය තුළ සිංගප්පූරුව බලා ගමන් ගත්හ .
මෙම ගුවන් යානය අද දින සවස 5.15 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
COMMENTS
අසරණ වෙලා ඉන්න අරාබි රටවල ඉන්න අහිංසක මිනිසුන්ව ගෙනෙන්නේ කවදද ? එම උදවිය තමයි දුක් විඳලා ලංකාවට විදේශ මුදල් ගෙන එන්නේ.
අපි නොදන්න සිංගප්පූරූ ශිෂ්‍යයෝ.
අසරණ වෙලා මැදපෙරදිග රටවල ඉන්න අහිංසක මිනිසුන්ව ගෙනෙන්නේ කවදද ?
ලංකාවේ නිදහස් අධ්‍යාපනය උනාට ඩිග්‍රි ගන්න අපේ උන් ගිහිල්ල නැත්තෙ උත්තර ධ්‍රැවයට විතරයි.