මැයි 11 වැනිදා ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ හිසකෙස් කපන ස්ථානවල හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කර තිබේ.
ඒ අනුව කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක් අවසර හිමිවේ.
රූපලාවන්‍ය මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙර එහි හිමිකරු හෝ කළමනාකාරිත්වය විසින් ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු අතර ඒ අනුව එම නිලධාරීවරයා ඊට අදාළ අයදුම්පතක් මධ්‍යස්ථාන හිමිකරුට ලබා දෙනු ඇත.
එම අයදුම්පත මගින් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පරික්ෂා කර ඒ පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු රූපලාවන්‍ය මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාවකාලිකව ලියාපදිංචි කර එහි කටයුතු පවත්වගෙන යාමට සහතිකයක් නිකුත් කරනු ලැබේ.
මෙම වලංගු ලේඛනගත සහතිකය නොමැති කිසිදු රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර හිමි නොවේ.
කරණවෑමිවරුන් සහ ඊට අදාළ කටයුතුවල නිරතවල පුද්ගලයින් පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳිය යුතුය.
පාරිභෝගිකයින් සේවා ලබා ගැනීමට පැමිණීමේදී මීටරයක දුර පරතරය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
පාරිභෝගිකයින් සමඟ මුහුණට මුහුණ සිටින පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුය.
වායුසමන යන්ත්‍ර සේවා ස්ථාන තුළ භාවිත නොකරන ලෙසට ද නිර්දේශ කර තිබේ.
ඒ අනුව සෑම සේවාවක්ම මෙම සීමා යටතේ ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
-226-
COMMENTS
මේ නියෝග දෙන අය ලංකාවෙ ජීවත් වෙන අය නෙමෙයි ද කියලත් හිතෙනවා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති වැඩක්...
මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳිය යුතුයි. බලාගෙන බෙල්ල කැපෙයි..., පේන්නේ නැහැනේ..!
සියලුම සැලුන් වලට හැමදාටම බලපාන අයුරින් විෂබීජ නාශක යොදා පනා කතුරු ආදිය පිරිසිඳු කරවිය යුතුයි. එකඅයෙකුගේ සේවයෙන් පසු විෂබීජ නාශක යොදා දෙඅත් පිරිසිඳු කරවිය යුතුයි. මීට පෙර මහජන පරීක්ෂකවරුන් මේ ගැන සෙව්වේ නැහැ. වෙලාවට ඒ අයව කොරෝනා නින්දෙන් ඇහැරෙව්වා.
මීටරේක පරතරය ඉන්දලා කොණ්ඩේ කපන්ඩ වෙයිද? අනේ මන්දා ..
බාබර්ලා මොනවා කිව්වත් ඔය කියන මිනිස්සු කොණ්ඩේ නොකපා ඉන්නවද? මොනා උනත් ලොකු පොඩි බේදය නැතුව මිනිස්සු ලස්සනට ඉන්නේ සැලුන් නිසා.
ඒසී දාන්න එපා කියනවා දෙන්න තුන්දෙනා ඇතුල් වෙන සැලූන් වලට. එතකොට තුන් හාරසීය වැඩ කරන ගාමන්ට් ෆැක්ට්‍රි ඇතුලෙ ඒසී දාගෙන මීටරේ දුරින් මැශින් තියාගෙන මහන්න එන්න කියනවා.ඒවාට අනුමැතිය දෙනකොට ගැටළු නැද්ද? කවුද මේ නීති හදන්නේ අපේ රටේ ?
කොන්ඩා කැපීමට එන අයට මුලින් පහසු දිනයක් / වේලාවක් වෙන් කරගෙන ගොස් පසුව නියමිත වේලාවට පැමිණ කාර්යය ඉටුකර ගැනීමට ක්‍රමවේදයක් සැකසුවා නම් මීට වඩා ප්‍රායෝගිකයි. පහසුයි. ඒ වගේම ආරක්ෂාකාරීයි. මොකද කරණවෑමියාට ප්‍රමාණවත් වේලා පරතරයක් තබාගෙන පාරිභෝගිකයින් කැඳවීමට අවස්ථාව ලැබෙනවා. විශ්ව විද්‍යාල වැනි ආයතනවල දැනටමත් බොහෝ කාලයක සිට මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.
මොනවාද මේ කියන්නේ? මීටරයක පරතරය පාරිභෝගිකයන් අතර විතරක් නෙමෙයි කොන්ඩේ කපන්නා සහ පාර්භෝගිකයා අතරත් තියා ගන්න එපෑය. එහෙම කොන්ඩේ කපන්න නම් කොසු මිටක කතුර හරි අනිත් කොණ්ඩ කපන උපකරණ හරි සවි කරගෙනනේ කපන්න පුළුවන් වෙන්නේ. නිය අලංකරණ කටයුතු අත් ආවරණ දාගෙන මීටරයක් දුර ඉඳන් කරන්නේ කොහොමද කියලා කාර්ය සාධක බලකායෙන්ම තමයි අහන්න වෙන්නේ. තමන්ගේ ශරීර සෞඛ්‍යට වඩා බාහිර ඔපය ගැන හිතන අයට මීටරේ පරතරය අවශ්‍ය නැති වෙයි. කොරෝනා ලෝකෙටම කියලා දුන්නු පාඩම තේරුම අරන් නැහැ තවම.
කැලිෆෝනියාවේ පළමුවෙනි කොරෝනා අාසාධිතයාට එම රෝගය සෑදී ඇත්තේ රූපලාවන්‍ය ස්ථානයකින් බවයි රජය පවසන්නේ...
කිසිම අවබෝධයක් නොමැති අය වගේ මේවා ගැන තීරණ ගන්නේ. සිරිසේනගේ වගේමයි වැඩත් දැන් නම්...
ගමේ සැලුන් වල අයත් ගෙන්නන්න ඔය මීටින් වලට.... නීතිරීති ස්ටාර් ක්ලාස් සැලූන් ඒව අපිට හරියන්නේ නෑ.
මීටරයක් දුරින් සිටීම ප්‍රායෝගික නැතත් එසේ කරන්න කියන්නේ මේ වසංගතය මීටරයකට අඩු දුරක් තුළ පැතිරීමේ ඉඩකඩ වැඩි නිසයි. කොණ්ඩ කපන්න ගිහින් කොරෝනා හදාගත්තොත් කවුරුත් කරදරේ වැටෙන්න පුලුවන්.