(ඩයනා උදයංගනී)
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම ගැටලු විසඳී නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යූ උපුල් රෝහණ මහතා පැවසීය.
තම සංගමයට පවතින නෛතික ගැටලු විසඳාදීමට බලධාරීන් එකඟ වුවත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා දී නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින නෛතික ගැටලු විසඳීම සඳහා නිරෝධායන, රෝග ස්පර්ශකයින් වෙන්කරතැබීම, බෝ වන රෝග පනතේ පරීක්‍ෂකවරුන් පත්කිරීමට අදාළ ගැටලුව නිරවුල් කිරීම හා එම පනතට රෙගුලාසි සකස් කර නීතිගත කිරීම, රට විවෘත කිරීමට අදාළව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නීතිගත කිරීම (මැතිවරණ මාර්ගෝපදේශ ද ඇතුළත්ව) ආදී ඉල්ලීම් කඩිනමින් ඉටුකරදෙන්නැයි නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
මෙම නෛතික ප්‍රතිපාදන නොමැතිව රාජකාරී කරන්නට යාමේදී තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව ද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර දියේ බිලී බානවා වගේ කොරෝනා අස්සේ තමන්ගේ මඩිය තරකර ගන්නට විප්ලව කරන්න ගියේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේ දමමින් බව නොපෙනී ගියේ තකතීරු දේශපාලුවන්ට මුක්කු ගැසූ නිසයි. නතිනම් අද වන විට මොවුන් දේවත්වයෙන් සලකන මට්ටමකට එන්න තිබුනා. රටේ වාසනාවකට ත්‍රිවිධ හමුදාවලට වගකීම් බාර දුන් නිසා අද ලංකාව කොරෝනා මර්දනයේ ඉහළම මට්ටමකට ගිහින්. ආකල්ප වෙනසක් කරන්නේ නැත්නම් ව්‍යසනයකදී උදව් නොකරන රජයේ සේවකයන් රටට විශාල බරක්. මෙවැනි නිලධාරීන් සිටින රටක් දියුණු වන්නේ කොහොමද ?
තැටිය රත් වුන වෙලාවට රොටිය පුච්චා ගන්න නියමයි.!
ටිකක් ඉන්න අර මුදල තර උනාම සලකන්නම්.