(මහින්ද නිශ්ශංක )
බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන්ට සහන රැසක් ලබාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා පවසයි.
එම සහන අතර අප්‍රේල්, මැයි මාස වලට අදාලව ගෙවිය යුතු සේවා ගාස්තු වලින් නිදහස් කිරීම, ඉකුත් මාර්තු 14 න් පසුව නිකුත් කළ දඩ පත්‍රිකා වල අධිකාරියෙන් නිදහස් කිරීම සහ මාර්තු 15 දිනෙන් අවසන් වීමට නියමිත මාර්ග බලපත්‍ර වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කිරීම ද වේ.
ඉකුත් 11 වැනිදා බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 4 ක් පමණක් ධාවනය වුව ද අද වන විට එම බස් රථ සංඛ්‍යාව ඉහළ ගොස් අද දිනයේදී පෞද්ගලික බස් රථ 131 ක් පළාත තුළ ධාවනය වූ බව ද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන දෙනව වගේම සේවයත් ගුණාත්මක කරන්න නීති දාන්න. හවස 6න් පස්සෙ සේවය සැපයීම අනිවාර්ය කරන්න. අතුරු පාරවල් වල පැය ගනන් මිනිස්සු බස් එනකන් ඉන්නව. බස් එක එන්නෙ කට කපල සෙනග පුරවල. මිනිස්සු පුදුම දුකක් විදින්නෙ බස් මාෆියාව හින්ද...
සහන රැසක් කිව්වෙ ඔයාට චුට්ටද?