IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බලන්ගොඩ රෝහලෙන් රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක්

(ප්‍රින්ස් රත්නායක)
 
කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම අඩුකිරීමේ පියවරක් ලෙස රෝහලට පැමිණීම සීමා කරමින් සායනික කටයුතු ඇතුලු  සියලුම සෞඛ්‍ය සේවාවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට දුරකථන අංක කිහිපයක් අද බලන්ගොඩ මූලික රෝහලේ දී ක්‍රියාත්මක කෙරිණි.
 
මෙම දුරකථන අංක ඔස්සේ සෞඛ්‍ය උපදෙස් ලබාදීමේ  වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය
 
ඒ සඳහා අවශ්‍ය ජංගම දුරකථන 10 ක් ලබාදීම අද බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකෙරිණි.
 
බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය සංගමයේ ලේකම් ලේබැංකුවේ කාර්‍ය භාර වෛද්‍ය නිලධාරී කේ.ජේ.කේ. කොතලාවල මහතාගේ ඉල්ලීමකට අනුව බලන්ගොඩ යුනිවර්සල් ජාත්‍යන්තර පාසල මගින් මෙම ජංගම දුරකථන 10 සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දි ඇත.
 
මෙහිදී රෝහලේ සියලුම අංශ ආවරණය වන සේ දුරකථන අංක 10 ක් ලබා දී ඇති අතර පහත සඳහන් අංක ඇමතීමෙන් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මහජනයාට ලබා ගැනීමට හැකියි.

මෙම සේවාව 30 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා පොලිස් ස්ථානය මෙහි සම්බන්ධිකරණ කටයුතු කරනු ලබයි.
 
එම දුරකථන අංක පහත දැක්වේ
 
0766789020 - කායික වෛද්‍ය ඒකකය
0766789098- ශල්‍ය වෛද්‍ය ඒකකය
0766789322 -  ළමා වෛද්‍ය ඒකකය
0766789414 - ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය
0766789610- බාහිර  රෝගී වෛද්‍ය ඒකකය
0766789201  මනෝ වෛද්‍ය ඒකකය
0766789071 සමේරෝග වෛද්‍ය ඒකකය
0717718086 දන්ත වෛද්‍ය ඒකකය
0452285313 ලේ බැංකුව
0453458826 රුධිර කාන්දු පෙරණ ඒකකය
 

 



අදහස් (0)

බලන්ගොඩ රෝහලෙන් රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site