IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්පහ 2954ක් ස්වයං නිරෝධායනයට


( තිලකරත්න දිසානායක)

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මාර්තු 1 වනදා සිට 10 වෙනි දින තෙක් මෙරටට පැමිණි පුද්ගලයින් ඇතුළු 2954 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුල නිවාසයන්හිදී නිරෝධායනයට යොමු ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි. 

එම සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව මගින් ගම්පහදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එහි ලේකම් චන්දන පත්මලාල් මහතා මේ බව සදහන් කළේය.

මින් 917 දෙනෙකු දින 14 ක නිරෝධන කාලය අවසන් කර පිටව ගිය බවද කීය. 

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 හිදී නිරෝධායනයට ලක්වන මෙම පිරිස අතර විදේශිකයින් 73 දෙනෙකු සහ සංචාරක මගපෙන්වන්නන් 164 ක් වන වන බවත් මින් 382 ක් වන වැඩිම පිරිසක් බියගම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වන බවත් ලේකම් වරයා සදහන් කළේය. 

ගම්පහ දිස්ත්‍රික්කය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් 155 ක පිරිසක් විසින් මෙම නිරෝධායන කටයුතු දැඩි අපහසුතා මධ්‍යයේ සිදු කරන බව පැවසූ ලේකම් වරයා ,  රජය විටින් විට ඇදිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් තමන් විසින් ඉටු කරනු ලබන කාර්යයෙන් ඵලක් නොවිය හැකි තත්ත්වයක් උදාවිය හැකි යැයිද කීය.


මීට විසදුමක් ලෙස ජනතාව ළගට ගොස් ආහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතාවයන් සපුරා ලීම සිදු කරමින් ඇදිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යායුතුව ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

මෙහිදී දිස්ත්‍රික් සංගමයේ සභාපති පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. 

" මෙම අවස්ථාවේ ජනතාව මුඛ ආවරණ පැළදීම අගය කරනවා. මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නොවන බව උසස් සෞඛ්‍ය නිලධාරිනියක් ප්‍රකාශ කළත් මෙය ඉතා අවශ්‍ය බවයි අපි කියන්නෙ. මීට පෙර ඇතැමුන් ඩෙංගු රෝගය මාරාන්තික නොමැති බව පැවසූ නමුත් රෝගය මාරාන්තික තත්ත්වයට පත්වූ පසුවයි අවදානම අවබෝධ  වුණේ. 

ගම්පහ දිස්ත්‍රික්කය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ගැටළු තිබෙනවා. සැක සහිත රෝගීන් රෝහල් කරා රැගෙන යාමට නිසි වැඩපිළිවෙළක් නැහැ. මේ සදහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි. නිවැරදි ආකාරයේ N 95 මුඛ ආවරණ නැහැ. නිල ඇදුම ආවරණය කිරීමට ක්‍රමයක් නැහැ. මේ අඩුපාඩු මධ්‍යයේ තමයි කටයුතු කිරීමට සිදුව තිබෙන්නෙ. ඒ වාගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කටයුතු කිරීම පිණිස වැඩි බලතල ලබාදීමද සිදුකල යුතුයි. "



අදහස් (0)

ගම්පහ 2954ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site