IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 200,000 ඉක්මවයි

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 200,000ක් ඉක්මවා ගොස් ඇත.

අද (3) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 8,909ක් වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2,07,615ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ විවිධ රෝහල්වල කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන ගණන 1,01,497කි.

එරට කොරෝනා වයිරසය ආසාදනය වී සුව ගණන 1,00,303ක් ලෙස දැක්වුණු අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 5,815ක් ලෙස දැක්විණි. අවසන් වූ පැය 24ක කාලයේදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 217ක් වාර්තා විය.

ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි පිහිටා ඇත්තේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 72,300කි.

තමිල්නාඩුවෙන් ආසාදිතයන් 24,586 දෙනකු ද දිල්ලියෙන් ආසාදිතයන් 22,132 දෙනකු ද ගුජරාට් ප්‍රාන්තයේ ආසාදිතයන් 17,617 දෙනකු ද හඳුනාගෙන තිබිණි.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 200,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site