IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඇමරිකාවේ මියයන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරකට ආසන්න විය හැකියි

දැනට නිකුත් කර තිබෙන නියෝග පිළිපඳිමින් කටයුතු කළ ද කොරෝනා වසංගතයෙන් 100,000ත් 240,000ත් අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි ඇමෙරිකානු බලධාරීහු අනතුරු අඟවති.

කොරෝනා වයිරසයෙන් සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ධවල මන්දිරය හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂඥයන් එක්ව ආකෘතියක් සැකසූ අතර ඒ අනුව දැනට නිකුත් කර ඇති සමාජ දුරස්ථභාවය සහ ඊට අදාළ නියෝග පිළිපදිමින් කටයුතු කළ ද ඇමෙරිකානුවන් 100,000ත් 240,000ත් අතර පිරිසකට කොරෝනා නිසා ජීවිත අහිමි වනු ඇතැයි එම බලධාරීහු කීහ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂඥයන්ගේ සහාය ඇතිව ධවල මන්දිරය එම ඇස්තමේන්තුව කර ඇත.

‘‘ඉදිරි සති කිහිපය ඉතාම, ඉතා වේදනාකාරී වෙන්න පුළුවන්. ඇමෙරිකාව ඊට සූදානම් විය යුතු’’ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

‘‘ඉදිරියේදී එන දුෂ්කර කාලයට මුහුණ දීමට ඇමෙරිකාවේ සෑම පුරවැසියකුම සූදානම් විය යුතු’’ යැයි ද හෙතෙම කීය.

‘‘අපි ඉතා දුෂ්කර සති දෙකක් පසු කරනවා. එය ඉතාම වේදානාකාරී. එය ඉතාම ඉතා වේදනාකාරී සති දෙකක්’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

සෑම දිනකදීම කොරෝනා වයිරසය නවතම තොරතුරු දැනුම් දීම සඳහා ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර අඟහරුවාදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම් කළේය.

පැය දෙකකට අධික කාලයක් පැමිණි මෙම මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉතා කනගාටුදායක ස්වරූපයකින් අදහස් දැක්වීය.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන අද (1) පස්වරු 7 වනවිට 4,081ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 189,633ක් ලෙස දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන චීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.

දරුණුතම තත්ත්වය යටතේ කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 1.5ත් මිලියන 2.2ත් අතර මරණ ගණනක් සිදුවිය හැකි ධවල මන්දිර කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක වෛද්‍ය ඩෙබෝරා බර්ක්ස් පැවැසුවාය.

එහෙත් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව මරණ ගණන 100,000ත් 240,000ත් දක්වා අඩු කරගත හැකි බව ද ඇය කීවාය. එය වුවත් ඉතා විශාල මරණ ගණනක් යැයි ද ජනතාවගේ හැසිරීම අනුව එම සංඛ්‍යාව වුවද අඩු කරගත හැකි යැයි ඇය පෙන්වා දුන්නාය.

ඒ.එෆ්.පී./රොයිටර්

055


 



අදහස් (2)

ඇමරිකාවේ මියයන සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරකට ආසන්න විය හැකියි

jayath Wednesday, 01 April 2020 03:53 PM

" මේ චීන වයිරසය....

:       0       59

padmapriya Thursday, 02 April 2020 12:07 AM

මුලදීම covid-19 නවතා නොගත්තොත් ප්‍රතිපලය මෙයයි. ලංකාව පසුබට නොවී COVID-19 වලට ලංකාව තුල පයගසීමට ඉඩ නොදෙන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site