IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලු ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සඳහා තමා විධායක නියෝගයකට අත්සන් තබන බව ඔහු ප්‍රකාශ කළේය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇති අතර එහිදී ඔහු කොරෝනා වෛරසය හඳුන්වා දී ඇත්තේ නොපෙනෙන සතුරෙකු ලෙසයි.

අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීම මෙහි එක් අරමුණක් බව ද ජනපතිවරයා පෙන්වා දී තිබේ.

කොරෝනා වෛරසයේ දැඩි පැතිරීම අවසන් වී ඇති බැවින් රට නැවත විවෘත කරන්නැයි ධවල මන්දිරය ඉදිරිපත් කරන තර්කය හමුවේ සහ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශ නැවත විවෘත කිරීමට එරට පරිපාලනය උත්සාහ දරන අවස්ථාවේ ජනපතිවරයාගේ මෙම තීරණය ඉදිරිපත් වී ඇත.

දේශසීමා ඔස්සේ සිදුවන අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කිරීම අවම වශයෙන් මැයි මස මැද භාගය දක්වා දීර්ඝ කිරීමට අමෙරිකාව මේ වන විටත් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ එකඟ වී ඇත.

යුරෝපයෙන් සහ චීනයෙන් සිදුවන සංචාර දැඩි සීමාකිරීම්වලට ලක්කර ඇති නමුත් තාවකාලික රැකියා වීසා බලපත්‍ර හිමි පුද්ගලයින්, ශිෂ්‍යයින් සහ ව්‍යාපාරික සංචාරකයින් ඉන් නිදහස් කර ඇත.

අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 782,159 කි.

වෛරසය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 41,816 ක් වේ. 


(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (2)

අමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

siri Tuesday, 21 April 2020 07:52 AM

දැන් ප්‍රමාද වැඩී....

:       0       18

Asela Tuesday, 21 April 2020 07:57 AM

ආනේ ..... ට්‍රම්පච්චිට දැන්ද කොහෙද නින්දෙන් ඇහැරිලා තියෙන්නේ ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site