IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කතානියා නගරය වර්ණවත් කළ ශ්‍රී ලංකන් නයිට් වර්ණ රාත්‍රිය

 

ඉතාලියේ සිසිලි දූපතේ අති සුන්දර එට්නා ගිනි කන්ද පාමුල පිහිටි කතානියා නගරය වර්ණවත් කරමින් හයවැනි වරටත් පැවැත් වූ ශ්‍රී ලංකන් නයිට් සංගීත ප්‍රසංගය සිසිලි දූපතේ වෙසෙන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (සැප්. 30) පැවැත්වුණි.   


කතානියා නගරයේ ආරක්ෂිකාව වන සාන්ත ආගතාතුමියට තුති පිදීමේ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රසංගය මාලාව සංවිධානය කරනු ලබන්නේ සමාජශීලීත්වයේ පෙරමුණ ගත් සුහදශීලී ජනතා සංවිධානයයි. මෙවර ද ඉතාලියේ ජනප්‍රියතම ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම වන ෂා සංගීත කණ්ඩායමේ මියුරු සංගීතයට තරු රැසක් ගායනයෙන් සම්බන්ධ වූහ.   


​මේ ප්‍රසංගය සාර්ථක කරගැනීමට මෙවර ද ප්‍රධාන දායකත්වය සපයන ලද්දේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. එමෙන්ම කතානියා ව්‍යාපාරික මහතුන් සහ සුහදශීලී ජනතා සංවිධානයේ හිතවතුන්ගේ සහය ද නොමඳව ලැබුණ නිසා ප්‍රසංගය අතිසාර්ථක වුණි.   


ඉතා සාමකාමී ප්‍රසංගයක සතුට විඳි ජනතාව සුහදශීලී ජනතා සංවිධානයට ස්තූති කොට මධ්‍යම රාත්‍රියේ දී සතුටින් නික්ම ගියහ.   

 


අැන්ටනි පෙරේරා  
කතානියා නගරයේ සිට.



අදහස් (0)

කතානියා නගරය වර්ණවත් කළ ශ්‍රී ලංකන් නයිට් වර්ණ රාත්‍රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site