ග්‍රීසියේ භූගත ගුහාවකින් 2013 වරේෂයේ දී සොයාගත් ඇට සැකිළි දෙක වසර 6000ට පෙර එකට වෙළී මියගිය තරුණයකුගේ හා තරුණියකගේ යැයි පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන ඇත. ඔවුන් දෙදෙනා වයස අවුරුද 20ත් 25ත් අතර පසුවන්නේ යැයි පුරාවිද්‍යාඥයෝ ගණනය කැර ඇත.
ග්‍රීසියේ පැරණිතම අස්ථි කොටස් හමුවන ස්ථානයක් ලෙස මේ ඇලිපොට්රයිපා හෙවත් ෆොක්ස්හෝල් ගල් ගුහාව ප්‍රසිද්ධියක් උසුළයි. එය සොයා ගනු ලැබුවේ 1950 දීය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ නියොලිතික යුගයේ මානවයාගේ පටන් මේ තරුණ යුවල මියයන කාලය දක්වාම මේ ගුහාව මානවයාගේ වාසස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි. එහි තිබී සොයාගත් තඹ හා රිදී කැබලි එයට සාක්ෂි සපයයි.
මේ ගල්ගුහාවේ මානවයන් 100ට වැඩි පිරිසක් ජීවත් වන්නට ඇතැයි ද එහි පිවිසුම් දොරටුව කඩා වැටී අවහිර වීමෙන් ගුහාවත් සමග මානව පිරිස ද පණ පිටින් වැළලී යන්නට ඇතැයි ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ ගුහාවේ දොරටුව කැඩී යාමෙන් පසු මේ දෙදෙනා එකිකෙ වෙලී මියයන තුරු සිටින්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේට වයස 6000 යි. (ර)
ආදර දෙපලක්ම වෙන්න ඕන. (ර)
දෙමාපියන්ට විරුද්ධ වුනාම වෙන දේ අද කාලේ වගේමයි (බ)
ඉන්න විදිහට එකක් පැහැදිලියි (නදී)
මේක ඇත්තටම හරිම සංවේදීයි (නදී)
සමහරවිට එකම පවුලේ දෙන්නෙක් වෙන්නත් පුළුවන් .(හේ)
කවුද දන්නේ කොහොම මියගියාද කියලා? (නි)
ආශ්චර්යජනක ප්‍රවෘත්තියක් (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මෙය තරුණ යුවලක් ආදරයෙන් සිටි අවස්ථාවක සිදු උන හදිසි අනතුරක් වෙන්න බැරිද? බුමිකම්පාවක් වගේ. ඔය විදිහට දෙන්නෙක් මැරෙන්න අනතුරක් සිදු විය යුතුයි. එසේත් නැතිනම් ඝාතනය කර එසේ වැළලිය යුතුයි. (නදී)
ආදරය කරපු දෙන්නෙක්ට එකට මියයන්න ලැබුණානම් ඒක ලොකු වාසනාවක් .. (අ)
දෙන්නම එකම තෙන ඉපදෙන්න තියෙන සම්බාවිතාව අඩුයි.ආදරය කළ දෙන්නෙක් කියලම කියන්න බැහැ එක පවුලේ වෙන්නත් පුළුවන්.මේවා ගැන සොයන එක නම් ඉතාම හොදයි.(හේ)
අනේ ආදරේ (නදී)
ආදරයේ තරම
යට ජායරුපයේ ඉන්න පුරාවිද්‍යා ගවේෂක දෙපළ ඒ මියගිය ආදරවන්තයෝ දෙදෙනාගේ පුනර්ජීවය වෙන්න බැරිද ? (අ)
යට ජායරුපයේ ඉන්න පුරාවිද්‍යා ගවේෂක දෙපළ ඒ මියගිය ආදරවන්තයෝ දෙදෙනාගේ පුනර්ජීවය වෙන්න බැරිද ? (ර)
මේ දෙන්නා මිය ගිහින් ඉන්න විදිය දැක්කම දුක හිතුණා (දිල්)
එහෙම මැරෙන්න තියනවනම් හොදයි (දිල්)
මරණයට හේතුව ආදරයම වෙන්න පුළුවන් (නි)