මිනිස් අතකට මෙන්ම සාමාන්‍ය රොබෝ අතකට වුවද ළඟාවිය නොහැකි තැන්වලට පහසුවෙන් ළඟා විය හැකි සුනම්‍ය රොබෝ අතක් නිපදවීමට මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සමත්වී සිටිති.
මොරටු විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රියංග දේශප්‍රිය, ගයාන් සම්පත් හා සංඛ විජේකෝන් යන සිසුන් තිදෙනා මෙම රොබෝ අත නිපදවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර හා කථිකාචාර්ය අසිත කුලසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේය.
මෙය මිනිස් කශේරුකාවේ නම්යශිලීතාව පාදක කරගෙන නිර්මාණය කර තිබේ. එක හා සමාන වූ කශේරුකා වැනි කොටස්වලින් මෙය සම්බන්ධවේ. එම සෑම කොටසකටම ත්‍රිමාණ අවකාශයේ ඕනෑම පැත්තට නැමීමේ හැකියාව ඇත. මෙහි ඒකක වෙන වෙනම ක්‍රියාකරවන අතර එමගින් මීට වඩා වැඩි නම්‍යතාවක් ලබාදී ඇත.
‘‘ මේ රොබෝ අතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ත්‍රිමාණ අවකාශයේ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් බාහිර බලපෑම් දරා ගත හැකිවීමයි. එමෙන්ම රොබෝ අත ක්‍රියාකරන අවකාශය අනුව නිර්මාණයේ පරාමිතීන් පහසුවෙන් වෙනස් කළ හැකිවීමද මෙහි ඇති තවත් සුවිශේෂත්වයක්.’’
‘සාමාන්‍යයෙන් ළංවිය නොහැකි මෙන්ම බාධා සහිත වූ සීමිත පරාසයක් තුළ සිදුකරන ක්‍රියාකාරකම් සඳහා මෙය මහත් පිටිවහලක් ලබා දෙනවා. උදාහරණ වශයෙන් ස්වයංක්‍රීය රොබෝ පද්ධති මගින් සිදු කරන ශල්‍යකර්ම, ආපදා අවස්ථාවලදී සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරා ගැනීමට මෙය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එමෙන්ම අන්තරාදායක රසායනික ද්‍රව්‍ය හෝ විකිරණශීලි මුලද්‍රව්‍ය රඳවා ඇති කුටීර තුළට කුඩා සිදුරකින් ඇතුළු වී සේවා කටයුතු කිරීම හා ගුවන් යාන නිෂ්පාදන හෝ අලූත්වැඩියා කටයුතුවලදී යානාවල තටු තුළ සිදුකරන පරික්ෂා කටයුතු සහ නිමවුම් සඳහා මෙම රොබෝ අත පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මෙම රොබෝ අත දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කිරීමට අපි සකස් කර තිබෙනවා. මෙය තවදුරටත් වැඩි දියුණු කර රටට ඵලදායී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා‘ ආචාර්ය නිරෝෂ් ජයවීර මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි යාළුවනේ! (නි)
වැඩේ නම් හොඳයි. මේක වැරදිලාවත් බස් වල නම් අරගෙන යන්න එපා (නි)
මේක අල්ලපු ගෙදර නැන්දාට නම් වටිනවා, උන්දෑ ඕනෑදේටයි එපාදේටයි හැම එකකටම අත දාන නිසා. ඒ කිව්වේ විහිළුවට. දරුවනේ, ඔබේ සොයාගැනීම් අගය කරනවා. තව තවත් සොයා යන්න ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
විශ්ව විද්‍යාලයක දරුවන්ගෙන් රටක් බලාපොරොත්තු වන්නේ මෙවැනි දේවල්ය. මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේ දරුවන් තමන්ගේ බදු මුදල් වලින් ඉගෙනගන්නවාට අකමැති නැත. ඒ වගේම මේ විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික, පරිගණක සහ සිවිල් වැනි අනෙකුත් ඉංජිනේරු දෙපාර්තමේන්තු වල දරුවනුත් ඉතා අගය ඇති දේවල් අත්හදා බලන බව දනිමි. (නි)
නියමයි මහත්වරුනි! යන්න ලෝකය දිනන්න (හේ)
මේ කොල්ලෝ ටික රටට වැඩක් කරද්දී කැලණියේ මෝඩයෝ ටික රටටම පිළිලයක් වෙලා (නි)
රිසච් වලට අඩුවෙන්ම මුදල් වෙන් කරන රට අපේ රට. (ර)
වැද්දොන්ට මීවද කඩන්නත් වෙන්නප්පුවේ අයට පොල් කඩන්නත් නියම භාණ්ඩේ. (ර)
අනේ මේ පිටිගල මහත්තයෝ ඇයි අවතක්සේරු කරලා කතා කරන්නේ. (ර)
අතිවිශිෂ්ට නිර්මාණයක් (නි)
හොඳ සොයාගැනීමක්. (ර)
සුපිරි වැඩක් (නි)