IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා

සැමියාගේ නොසැලකිල්ලෙන් නිවෙසක් ඉදිකර ගැනීම පමා වෙනවා යැයි සැමියාට දෝස්මුර තැබූ බිරිඳක් සිය මාලය උකසට තබා රුපියල් විසි දහසක් ණයකට ගත්තේ අලුත් නිවෙසක් ඉදිකරගන්නට ගඩොල් මිලදී ගන්නටය.

ණයට ලබාගත් රුපියල් විසිදහසක මුදල අල්මාරියේ ඇඳුම් අතර සඟවා තබා දින දෙකතුනකින් බලන විට රුපියල් හාරදහසක් අඩුවී ඇති බව ඇය දුටුවාය. මේ මුදල සැමියා කෙසේ හෝ සොරාගෙන අරක්කු බොන්නට ඇතැයි දෙස්දෙවොල් තබමින් ඇය තව තවත් අල්මාරියේ රෙදි ඒ මේ අතට පෙරළමින් නැතිවූ මුදල සෙව්වාය. එවිට එක්වරම රුපියල් දහසේ කොළ දෙකක් ඒ අතර තිබී බිමට වැටුණ අතර කෑලි කෑලි කැඩූ දහසේ කොළ දෙකක කැබලිද මීයන් කපා දැමූ රෙදි කැබලිද බිමට වැටුණි. රුපියල් හාර දහසේ සොරු අතටම බිරිඳට අසුවූ අතර සැමියා යාන්තමට චෝදනාවෙන් බේරුණේය. ඒ වෙනුවට ගෙදර සිටි බළලාව පසුවදාම ඈත පළාතකට ගෙන ගොස් දැමුවේ සියලු වැරැදි බළලා මත පටවමිනි.

(දූනගහ - බටේපොළ විජයසිරි) 



අදහස් (0)

සල්ලි හොරා අහුවුණාම බළලාට පාඩමක් උගන්වලා

සහන් Tuesday, 20 December 2016 08:40 AM

මේ මිනිස්සු තිරිසනෙකුගෙන් පළිගන්න තරම් පහත්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site