IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සාදයට ආ නෑයා කොටයක් ඉල්ලලා

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
සාදයට ආ ඥාතියකු නිවැසියන්ගෙන් කොටයක් ඉල්ලීම නිසා සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.
වෙන්නප්පුව ප්‍රදේශයේ ඥාතියකුගේ සාදයකට ආ අයකු හොඳින් කා බී සප්පායම් වී එම සාදයෙන් නික්මීමට පෙර සාදය සූදානම් කළ ඥාතියාගෙන් කොටයක් එහෙම තිබුණොත් අරන් තියන්න මම එන්නම් ගෙනියන්න කියා පිටත් වී තිබුණි.  
 
පසුව සාදය නිමා වී එය සූදානම් කළ ඥාතියා තම බිරිඳට ද කොටයක් ඉල්ලූ බව පවසා ගෙදර පිටිපස්සේ කොට කීපයක්ම තියෙනවනේ ඒකෙන් එකක් දෙමු කියා පවසා ඇත.
 
පසුදින කොටය ඉල්ලූ_ ඥාතියාට කතා කර කොට කීපයක්ම තියෙනවා අරන් යන්න එන්න කියා පණිවුඩයක් දීම නිසා කොටයක් ඉල්ලා සිටි ඥාතියා පැමිණ එහෙනම් මස්සිනේ කොටය දීපන් යයි පැවසීමත් සමග නිවසේ සිටි ඥාතියා ඇයි කොටය ගෙනියන්න වාහනයක් ගෙනාවේ නැද්ද අතේ නම් ගෙනියන්න බැරිවෙයි පවසා කොටය තිබූ තැනටම කොටය ඉල්ලූ ඥාතියාව ගෙන ගොස් මේ තියෙන්නේ කොට කැමති එකක් තෝරගෙන ගෙනියන්න යයි පවසා තිබේ.
 
තමන් ඉල්ලුවේ මෙහෙම කොටයක් නොවන බවත්  ඉතුරු වූ මත්පැන් බෝතලයක් බව පවසා තමන් කොට ඉල්ලීමට ගොස් තමන්ටම වුණු ලැජ්ජාව ගැන සිතා ආයෙත් කාගෙන්වත් කොට නම් ඉල්ලන්නේ නැතැයි කියා ගෙදර ගියාලු.



අදහස් (0)

සාදයට ආ නෑයා කොටයක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 407 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site