ඉර බහින පැත්තේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත්කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට ඇතුළත්ව සිටි ගුරුවරයකු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණි මවුපියන් විස්මයට පත්කරන උපදෙසක් දුන් බව වාර්තාවේ. මෙහිදී අදාළ ගුරුවරයා බොහෝ දෙනෙකුට පවසා ඇත්තේ තම පාසලට සුදුසුකම් ලැබීමට නම් පාසල ආසන්න ස්ථානයකට ලියාපදිංචි විය යුතු බවයි. ”කෙල්ලයි, කොල්ලයි යාළුවුණ දවසෙමනේ ළඟ තැනකට ලියාපදිංචි වෙන්න ඕනේ. ඔයාලා ඒක කරලා නෑ. ඉතින් කොහොමද අපේ පාසලට තේරෙන්නේ” යැයි මෙම ගුරුවරයා ඔහු දැන හඳුනන යුවළකට පවසා ඇති බවත් වාර්තාවේ. ”අපට කිව්වා නම් අපි ඒවා කරන විදිය කියලා දෙනවානේ. ඕනෑ දේ කරගන්නේ නැතිව මොකටද සම්මුඛ පරීක්‍ෂණයට ආවේ” යැයි ගුරුවරයා ඇතැමුන්ට පවසා ඇති බවද දැනගන්නට තිබේ. මේ ගුරුවරයා ඇතැම් මවුපියන්ගේ ලිපිගොනු අසත්‍ය යැයි පවසා හුළෙඟ් පාකර අරිනවාලූ. එවිට ඇතැම් මවුවරුන් කඳුළු සලනවාලූ. ලොකු තැන්වලටත් පැමිණිලි කරලාලූ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය හින්දා තමයි රටේ ළමයි මැරයො වෙන්නේ.
මෙම ගුරුවරයාගේ හැසිරීම තරයේ හෙලා දකිනවා ඒගමන්ම කින්න ඕනේ පාසැල් වලට සිසුන් ඇතුලත් කරගන්නා විට පාසැලට ආසන්න පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා ලේඛන සාක්ෂි වශයෙන් ඡන්ද නාම ලේඛන භාවිතා කිරීමට පුරුදු වෙලා ඒකෙ නම නැත්නම් ඒ පුද්ගලයා උපන්දා ඉඳල එතන හිටියත් ළමය පාසැලට තේරෙන්නෙ නෑ නමුත් මො විදියකට හරි නම දාගෙන පදිංචිවෙලා හිටියත් නැතත් ඒ අයගෙ ළමයි තේරිලා ඡන්ද නාම ලේඛන තියෙන්නේ පුද්ගලයකුගේ පරමාධිපති බලය ලබාදෙන ලේඛනයක් විදියට පමණයි.ඇතැම් වෙලාවට පුද්ගලයින්ට මෙම ලේඛනයට නම ඇතුලත් කිරීම අතපසු වෙනවා ඒවෙලාවට දඩුවම ළමයට ඒක අසාධාරන බව කාටත් තේරෙනවා. මේ වගේ ගුරුවරුන්ට හැර මැතිවරණ කොමසාරිස්තුමා කොපමණ උපදෙස් දීල තිබුණත් ගුරුවරුන්ට මේ ටික නොතේරෙන්නේ ඇයි කියල තමා ප්‍රශ්නෙ අපේ කාලෙ ගුරුවරුනම් දෙවිවරු වගේ.
ඒක ඇත්ත
පුදුම මිනිස්සු
කොහොම උනත් පාසලකට ඇතුල් කරන්න දෙමව්පියන් හුගක් මහන්සි වෙනවා. මම දකින විදියට සුදුසුකම් නැත්නම් ඒක ඒ අයට සරලව අපහසුතාවට පත් නොකර කියලා දෙන්න ඕන. එතකොට ලංකාව මීට වඩා ගොඩක් ලස්සන වෙයි.
උතුම් ගුරු වෘත්තිය කෙලසෙන මෙවැනි අය හෙලා දකිමු.
මේවගේ ගුරුවරුත් එක්ක කොහොමද වැඩ කරන්නේ?
ගුරුවරයෙක් උනත් මානසික ලෙඩ්ඩු ඉන්නවා. අහංකාරකම.