IMG-LOGO

පැනිබීම බෝතලෙන් සෙබළ සැමියාට බිරියත් අහිමිවෙලා

පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බසයකින් වාර්තා වේ. තිස් එක් හැවිරිදි ඔහු නාවික හමුදා සෙබළෙකි. මීට වසර දෙකකට පමණ ඉහතදී නුගේගොඩ පදිංචි තරුණියක සමග විවාහ විය. මේ අතර ඇය දරුවකු ලැබීමට සිටියාය. ඒ සඳහා වෛද්‍යවරයකුට පෙන්වීමට දෙදෙනාම කොළඹ ගියහ. එම කටයුත්ත අවසානයේ මොනරාගල පදිංචි නිවෙස වෙත යාමට ඔවුන් කොළඹ කොටුවට පැමිණ බසයකට ගොඩ විය. ඊට පෙර අසල වෙළෙඳසලකින් පැනි බීම බෝතලයක් ද මිලදී ගත්තේය. ටික දුරක් ගමන් කරන විට බිරියගේ වෙනසක් නාවික සෙබළාට පෙනුණි. ඇය වෙනත් පුද්ගලයකුට යම් සංඥාවක් ලබාදෙන බව පෙණුනත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් නොකළේය. අතරමඟදී බසය තේ පානය කිරීම සඳහා නතර කෙරිණි. ඒ පරකඩුව ප‍්‍රදේශයේදිය. තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව බිරිය පැවසීම නිසා ඔහු ඇය සමග ඒ සඳහා බසයෙන් බැස්සේය. ඉන්පසු නැවත පැමිණ අසුනේ තබා තිබූ කොළඹ කොටුවෙන් මිලදී ගත් පැනි බීම බෝතලය පානය කර ඇත. ඉන්පසු නාවික සෙබළාට නින්ද ගොස් තිබෙන බව පොලීසිය කියයි. පසුව පියවි සිහිය ලැබී බලන විට බිරිය හෝ පෙර කී පුද්ගලයා බසය තුළ නොසිට ඇත. ඇය ඔහු සමග පැන යන්නට ඇති බවට ඔහු පොලිසිය වෙත ප‍්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් නාවික සෙබළා වැලිගම පදිංචි සිය මාමා කෙනකු මාර්ගයෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත්ව මේ වන විට එහි ප‍්‍රතිකාර ලබමින් සිටී. මොනරාගල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

පැනිබීම බෝතලෙන් සෙබළ සැමියාට බිරියත් අහිමිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 157 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site