දුම්රිය මැදිරියකින් ගලා ගිය ඇඟ හිරි වට්ටන විරිඳුවක කතාවකි. කළුතරින් කොළඹ බලා ඇදෙන දුම්රියයි. එය මන්දගාමිය. සෙනඟ පිරී ඇත. එක් එක් මැදිරිවල එක්කාසු වූ කල්ලි වෙන වෙනම මාතෘකාවලින් සාකච්ඡා පවත්වති. ඇතැමෙක් විහිළු තහළු කරති. ඇතැමෙක් ගීත ගයති.  ඇතැමෙක් ඔහේ බලා සිටිති. මේ අතර එක් මැදිරියක කොනක තරුණියන් හා තරුණයන් පිරිසකි. එක් තරුණියක් අත විශාල ජංගම දුරකතනයකි. එය කුඩා රේඩියෝවක් තරම්ය. ඒ තුළින් මහා ශබ්දයක් දුම්රිය මැදිරිය පුරා පැතිරිණි. මල්වත්ත පාර වාගේනේ  ඕක වහගන්නකෝ තරුණයෝ ඇයට විහිළු කළහ. එය ඇයට ගණනක් වූයේ නැත. ජංගම දුරකතනයේ එක් ගීතයකින් පසුව තවත් ගීතයක් පටන් ගත්තේය. එය විරිදුවකි. දුම්රිය මැදිරියෙහි සිටි අය මුහුණට මුහුණ බලා ගත්හ. අසා සිටින්නට බැරි තරම් තිත්ත කුණුහරුපයෙන් ගෙතූපදවැල් සහිත එම විරිදුව නවතා ගැනීමට ඇයට දුරකතනයේ බැටරිය ගලවා දමනවාට හැර හදිසියේ කිසිවක් කර කියා ගත නොහැකි විය. මොහොතකින් සැර බාල විය.