(ගම්පොළ සුරංග රාජනායක)
ගම්පොළ ප්‍රදේශයේ පරිගණක ආයතනයකින් හොරකම් කළ පරිගණකයක් රුපියල් 1000කට තම පුතුට විකුණූ බව කියන අපූරු පියෙක් ගැන පුවතක් ගම්පොළ ප්‍රාදේශයෙන් වාර්තා විය.

වර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
ගම්පොළ නගරයට තරමක් නුදුරු ගමක පදිංචි මෙම පියා මත්වතුර බීමට ඇබ්බැහි වී සිටියේය. ඉකුත් දින අඩියක් ගැසීමට මුදල් නොමැති නිසා කීයක් හරි හොයාගැනීමට කල්පනා කරමින් සිටිය දී හොඳ නුවණක් පහළ වී ඇත.
නගරයේ තිබූ පරිගණක ආයතනයකින් පරිගණකයක් හොරකම් කිරීමට ඔහු කල්පනා කළේය. නගරය ආසන්නයේ ඇති පරිගණක ආයතනයට ඇතුළු වූ ඔහු පරිගණකය සොරකම් කළේය. එය විකිණීමට පුද්ගලයකු ගැන කල්පනා කරද්දී විභාගය නිමවී සිටින තම පුතු සිහිපත් විය.
නිවෙසට ගෙනා පරිගණකය රුපියල් දහසකට තම පුතුට අලෙවි කළ මෙම අපූරු පියා එම මුදලින් ද හොඳ හැටි මත් වතුර බී පදමට වෙරි වී නිවෙසට ආවේය.
මේ අතර පරිගණකයක් අතුරුදන්වී ඇති බව එම ආයතනයේ හිමිකරු පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. වෙළෙඳසලේ සවිකර තිබූ ආරක්ෂක කැමරා උපයෝගී කරගෙන හොරා අල්ලා ගැනීමට පොලිසියට හැකි විය. ඒ අනුව මොහු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සියලු_ තොරතුර අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තාත්තා කොම්පියුටරයක් උස්සා පුතාට විකුණලා