IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අව්වේ දණගසාගෙන සිටි පෙම්වතා දැක පෙම්වතිය පෙමටත් තිත තියලා

(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
අයියනායක කවිපන්තිය කට පාඩම් කර ගැනීමට අමතක වූ දරුවෙකු දේශපාලනඥයෙකුගේ පියෙකු විසින් ලියන ලද කවියක් පන්ති කාමරය තුළ  ගායනා කිරීම නිසා එම දරුවා දණ ගැස්සූ පුවතක් මාදිපොළ පාසලෙන් වාර්තා විය.  


මෙම දරුවාගේ පියා මැතිවරණ කාලයට ගසට පොත්තමෙන් බැඳී කටයුතු කළ අයෙකි. මෙම දේශපාලන කටයුතු සඳහා ලියා තිබෙන බැනර් හා කවිකොළඅ ගෙදර රැගෙනගොස් දරුවන්ට පෙන්වීම ඔහුගේ දින චර්යාවක් විය.  එම දරුවන් ද එම කවිකොළ කියවා කට පාඩම් කර ගැනීම සිදු කරන්නේ ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් යුතුය.


දිනක් එම සිසුවාට පාසලේ සිංහල විෂය උගන්වන ගුරුවරයා පවසා ඇත්තේ අයියනායක කවි පන්තිය කටපාඩම් කරගෙන එන ලෙසය. පසුදින සිංහල විෂය භාර ගුරුවරයා පන්තියට පැමිණ එක් එක් සිසුවා නැගිටුවමින්  කවිපන්තිය ගායනා කරන ලෙස පැවසීය. සිසුන් කීප දෙනෙකු නිවැරදිව ගායනා කළ ද ඉහතකී සිසුවා එම කවි පන්තිය වෙනුවට දේශපාලනඥයාගේ පියා විසින් රචිත කවිපන්තිය ගායනා කළේය.  


එම අවස්ථාවේ සිංහල විෂය භාර ගුරුවරයා විසින් එම සිසුවාව කනෙන් ඇදගෙනගොස් අව්වේ දන ගස්සා ඇත.  දන ගසාගෙන සිටින විට ඔහුගේ පෙම්වතිය ඒ අසලින් ගොස් ඇති අතර කාරණාව තේරුම්ගෙන ලැජ්ජාවට පත් ඇය එම මොහොතේම ප්‍රේම සම්බන්ධය නවත්වා ඇත.  මේ පිළිබඳව එම සිසුවා අදද එම මතකය අවදි කරන්නේ හැඟීම්බරවය.

 



අදහස් (0)

අව්වේ දණගසාගෙන සිටි පෙම්වතා දැක පෙම්වතිය පෙමටත් තිත තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 123 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 74 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site