IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක්

 

(ඩයනා උදයංගනී)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.


ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන් 46 දෙනෙකු, වෛද්‍යවරුන් 5 දෙනෙකු, හෙද හෙදියන් තිදෙනෙකු හා කණිෂ්ට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, මේ අතර වන බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට අයි.ඩී.එච් රෝහලට හා සෙසු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි කී රෝහල් අධ්‍යක්ෂවරයා, රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද කීවේය.

රෝහලේ සිටි රෝගීන්ට හා කාර්යමණ්ඩලයට වයිරසය ආසාදනය වන්නට ඇත්තේ රෝගීන් බැලීමට එන පිරිසගෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා සමහර රෝගීන්ට වයිරසය ආසාදනය වී ඇත්තේ මාස 2කට වඩා වැඩි කාලයක් රෝහල තුළ සිටියදී බව ද පැවසීය.

එලෙස රෝගය වැළඳීමට ඇති එකම ක්‍රමවේදය තමයි රෝගීන් බැලීමට එන පිරිස බව කී වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඒ හේතුවෙන් ඊයේ (10) සිට පිටින් රෝගීන් බැලීමට එන පිරිස අවම කර ඇති අතර, එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

එමෙන්ම රෝගීන් බැලීමේ කාලය විනාඩි 10කට සීමා කර ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා ඒ සඳහා වාට්ටුව තුළ විශේෂිත වු ආරක්ෂිත ක්‍රමවේදයක් පිළියෙල කර ඇතැයි ද කීවේය.

කෙසේ වෙතත් මේ වන විට රෝහලෙන් හමුවූ සියලු ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරාත්, ආශ්‍රිතයින් නිරෝධායනයටත් යොමුකර රෝහලේ ආරක්ෂාව තහවුරු කර ඇති නිසා දරුවන් රෝගී වුවහොත් නොපමාව රෝහලට රැගෙන එන්නැයි දැනුම්දීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

රෝහලට පැමිණීමට බියේ දරුවන් අවදානමකට ලක්කළ යුතු නැතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 54 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site