
කොරෝනා ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව සඳහා නැවත අගුළු දැමීම ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුවී තිබේ.
ඒ අනුව මැනිලා නගරය සහ අවට පළාත් හතරකට ද ලුසොන් දූපතට ද සති දෙකක කාලයක් සඳහා නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර ඇත.
දෛනික ආසාදන එකවර පස් ගුණයකින් ඉහළ යෑමත් සමග සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු අනතුරු ඇඟවීම හේතුවෙන් පිලිපීන රජයට මෙම පියවර ගැනීමට සිදුවිය.
වයිරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සීමා කිරීම් වැඩිකරන ලෙස ඔවුහු ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගෙන් ඉල්ලා සිටියහ.
එරට සෞඛ්‍ය අංශ ඉරිදා වාර්තා කළේ නව ආසාදන 5,032ක් තහවුරු වී ඇති බවයි.
පිලිපීනයෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 106,330ක් වන අතර මරණ 2,104ක් සිදුව තිබේ.
මේ වනවිට සමහර ප්‍රාදේශීය රෝහල් වල රෝගීන් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත.
පොදු ප්‍රවාහන සේවා අත්හිටුවීම හේතුවෙන් කම්කරුවන් බොහෝ දෙනකු ගම්බිම් බලා යෑමට නොහැකිව අගනුවර අතරමංව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට පෙර මාර්තු මස මැද සිට මැයි දක්වා පිලිපීනය ලොක් ඩවුන් කර තිබිණි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැනිලා නුවරට යළිත් අගුළු දමයි