(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ අද (28) වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 62,740 දක්වා ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 692 කු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 92ක්, අත්තනගල්ල - 68ක්, මහර - 56ක්, සීදූව සහ කටාන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 54 දෙනෙකු බැගින්, බියගම - 51ක්, දොම්පෙ, මිනුවන්ගොඩ සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 50 දෙනෙකු බැගින්, කැලණිය - 49ක්, ගම්පහ - 39ක්, ජාඇල - 35ක්, දිවුලපිටිය - 20ක්, රාගම - 15ක් සහ මීගමුව - 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 321 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 148 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,578 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 692ක්