අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2024
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 October 2024
ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 12 October 2024
වීදුරු ගොඩට යටවී අයෙක් මරුට හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි. 12 October 2024
බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවතුර තත්වය අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී. 12 October 2024
මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 October 2024
ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින් සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 12 October 2024
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 October 2024
ආපදා සහන දෙන්න මිලියන 50ක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 October 2024
දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 12 October 2024
ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. 12 October 2024
චීන්නු 100ක් මහනුවරින් අල්ලයි මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක නවාතැන් ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 114 දෙනකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 October 2024
ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල් තුනක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් මගින් ආපදා සහන සේවා නිලධාරී වෙත දැනුම් දී තිබේ. 12 October 2024
ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත. 12 October 2024
ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන් ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ. 12 October 2024
අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත. 12 October 2024
වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි. 12 October 2024
ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 12 October 2024
අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම් රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දැනුම් දී සිටී. 12 October 2024
වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදිකාවේ කතහා බහ වේ. 12 October 2024
මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි. 12 October 2024
අදත් තද වැස්ස දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 October 2024
අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ 2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ . 11 October 2024
ගම්පහට මහ ගංවතුර තත්වයක් දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය. 11 October 2024
පුත්තලමට අපේක්ෂයන් 429ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති. 11 October 2024
මාතලේට 24ක් තරඟ බිමට මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු බව මාතලේ තේරිම් භාර නිලධාරි තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය. 11 October 2024
නුවරඑළියට 308ක් තරඟ බිමට 2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසිය. 11 October 2024
වන්නියට කණ්ඩායම් 47ක් වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය. 11 October 2024
කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 11 October 2024
දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක් 2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 11 October 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026