‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’
අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත්රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ.