සමගි ජන බලවේගයේ පෙත්සම් සතියේ දිනකදී කැදවන්නැයි පෙත්සම්කාර පාර්ශවයෙන් මෝසමක්
රටපුරා කොරෝනා වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හෙයින් ලබන ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන සතියේ දිනෙක කැඳවන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මෝසමක් ගොනු කරනු ලැබ ඇත.