හොර වීසා වලින් රට යන්න හැදු දෙදෙනෙක් අත්අඩංගුවට අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (11) ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 March 2021
සීනි ගැටළුවට වෝහාරික විගණනයක් ඉල්ලයි ආනයනික සීනි සඳහා කිලෝවකට ශත 25 ක බද්දක් අය කිරීම නිසා රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස ජාතික සමගි පෙරමුණ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. 11 March 2021
සෙල්ෆි ගත් රන්ජන්ට සති 2ක් අමුත්තන් බලන්න බෑ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාට අද (11) සිට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය. 11 March 2021
කොරෝනාව උඩුගම බස් නතර කරයි කොරෝනා රෝගීන් දහනව දෙනෙකු හමුවීමත් සමග සේවකයින් සේවයට වාර්තා නොකිරීම නිසා ගාල්ල උඩුගම ශ්‍රී ලංගම ඩිපෝවේ බස් රථ ධාවනය නතර කිළ බව එම ඩිපෝවේ කළමනාකාර එම්.ඩී.කේ.කුමාර මහතා පවසයි. 11 March 2021
ඉන්දියාවෙන් ලංකාව දුම්රිය මැදිරි 160ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබා දීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 11 March 2021
අශොක් අබේසිංහ සීඅයිඩියට පැය 5ක කටඋත්තරයක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ජනාපති ගෝඨාභයගේ හා බැසිල් රාජපක්ෂගේ නම් සඳහන් කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක කාලයක් රහාස් පොලිසිය ප්‍රකාශ ලබාදුන් සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ 2.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත. 11 March 2021
බසය සා.පෙළ ලියූ සිසුවා බිළිගනී හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පළවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් බස්රථයක මුහුණට මුහුණ ගැටී අද (11) දහවල් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පාසල් සිසුවෙකු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 11 March 2021
මෙරටට කොරෝනා ඇවිත් අදට වසරයි මෙරටින් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමු වී අදට (11) වසරක් සම්පූර්ණ වේ. 11 March 2021
‘‘පිංවල සුදු‘‘ නෝනාගේ තිසරපටයේ ලක්ෂයක කුඩු තිසරපට අස්සේ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සඟවාගෙන සිටි පිංවල සුදු නෝනා නැමැති ආරූඪ නාමයෙන් හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය කියයි. 11 March 2021
ප්‍රශ්න පත්තර පිටවීම සොයන්න පංච පුද්ගල විමර්ශන කමිටුවක් නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ඉංග්‍රිසි ගුරුවරු බඳවාගැනිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් පැවැත්වූ ඉංග්‍රිසි ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර, විභාගයට කලින් පිටවිමේ සිද්ධිය විමර්ශනය කිරිමට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ මහතා විසින් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරනු ලැබ තිබේ. 11 March 2021
නාවලපිටියේ දී දුම්රිය ඇංජිමක් පිළිපනී නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. 11 March 2021
ගිනිගත් මෝටර් රිය රස පරීක්ෂකගේ විමර්ශනයට කළුබෝවිල ආසිරි මාවතේ දී ඊයේ (10) රාත්‍රී කාර් රථයක් ගිනිගෙන මියගිය පානදුර පදිංචි 31 හැවිරිදි මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර්ගේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) පෙරවරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූවාය. 11 March 2021
කොරෝනාවට නොදෙවෙනි ක්ෂය රෝගයෙන් වසරකට 500ක් මරුට ක්ෂය රෝගයෙන් වසරකට රෝගීන් 500-550ක් අතර ප්‍රමාණයක් මිය යන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිලුපා පල්ලෙවත්ත මහත්මිය කීවාය. 11 March 2021
සේරුවිල ප්‍රා. සබේ ගැටුමෙන් මන්ත්‍රී දීමනා නවතී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති අර්බුදය නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මාස දෙකක මන්ත්‍රී දීමනා නොලැබුණු බවත් මන්ත්‍රීවරු හරහා සිදුකරන සංවර්ධන කටයුතු මාස දෙකක සිට නැවතී සිට ඇති බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති. 11 March 2021
ශ්රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟකිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කළ හැකි බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පැවසීය. 11 March 2021
ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ. 11 March 2021
වඩත්තේ සෝමානන්දහිමියෝ ආණමඩුවේ ලේඛකාධිකාරී තනතුරට ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර සඳහා එම තනතුර කලින් හෙබවූ වඩත්ත පිරිවන් කෘත්‍යාධිකාරී වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේම නැවතත් පත්වූහ. 11 March 2021
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 11 March 2021
එජාපයෙන් ගිය අයට යළි දොර ඇරේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට එජාපය තීරණය කර තිබේ. 11 March 2021
ප්‍රථම පුරාවිද්‍යා පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටුවයි ඓතිහාසික රිදී විහාරය හා රජගලතැන්න පුරා කුටි සංකිර්ණය පුරාවිද්‍යා ශික්ෂණ මධ්‍යස්ථාන බවට පත්කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යෂක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. 11 March 2021
අශොක් අබේසිංහ සීඅයිඩියට පාස්කු ප්‍රහාරය පිළිබදව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 11 March 2021
අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී සමුගනී අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර තිබේ. 11 March 2021
හොර පාරෙන් කැනඩාවට පනින්න බැරිවෙයි කැනඩාවට නීතිවිරෝධීව මුහුදු මගින් යාමට සූදානම්ව කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටි 24 දෙනෙක් කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අද (11)අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ. 11 March 2021
කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් ඊයේ (10) රාත්‍රී 11 . 30 ට පමණ කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත. 11 March 2021
කොරෝනා ආසාදිතයන් අද 300යි කොවිඩ්-19 ආසාදිතයින් තවත් 140දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 10 March 2021
කල්පිටිය ශාසනාරක්ෂක ඡන්ද විමසිම කල්යයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබු කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩල ජන්ද විමසිම උණුසුම් තත්වයක් මතුවිමත් සමග කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්රගිත් දනන්සුරිය මහතා පවසයි. 10 March 2021
සූරියවැව ගොවීහු මාරාන්තික උපවාසය අත්හරිති වල්සපුගල යෝජිත වල්අලි කළමනාකරණ රක්ෂිත කලාපය ගැසට් කරන බවට වනජීවි අධ්යක්ෂවරයා හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්. කරණාරත්න මහතා හරහා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව සූරියවැව ගොවීන් මාරාන්තික උපවාසය අද (10) සවස අත්හළ බව ගොවීහු කියති. 10 March 2021
වාහන ආනයන ගැන යෝජනා ඉල්ලයි වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් අමාතයංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. 10 March 2021
මත්ද්‍රව්‍ය අවි ආයුධ සමඟ අයෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අවි ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 10 March 2021
රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක් රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026