පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්න පක්ෂ නායක රැස්වීමක් 2 වැනිදා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 2 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. 25 August 2021
කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට තම මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 25 August 2021
රිෂාඩ් වෙනම සිර මැදිරියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 August 2021
කොරෝනා බඩු මල්ලටත් සීමා කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත. 25 August 2021
’කොරෝනා’ පරදන්න ඉන්දියාවෙන් තවත් එන්නතක් ’සිඩුස් කැඩිලා’ ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් ’ඩී.එන්.ඒ.’ වර්ගයේ නව ප්‍රතිශක්තිකරණ එන්නතට අමතරව, ඉන්දියාවෙන් තවත් ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. 25 August 2021
ඉෂාක් රහුමාන් ගේ මාස දෙකක වැටුප් කොවිඩ් අරමුදලට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත . 25 August 2021
කොළඹ ලක්ෂ 3කට රු: 2000 දීමනාව රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලක්ෂ 3 ක් රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 25 August 2021
“වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් සී දෙන්න එපා’’ දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් සී ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය. 25 August 2021
‘‘ගුරු-විදුහල්පති ගැටළුවට සාධාරණ විසඳුමක් දිය යුතුයි‘‘ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත . 25 August 2021
චීන රතු හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවට එන්නත් ලක්ෂ 3ක් චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 August 2021
සෞඛ්‍ය සේවකයින්ට හුස්මක් ගන්න ඉඩදෙන්න රටේ දැන් පවතින ‘කොවිඩ්’ රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැලකී සෞඛ්‍ය සේවකයින්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය. 25 August 2021
‘‘රට මේ ආකාරයට වසා තැබීම හොඳයි‘‘ රට තුළ නිරෝධායන ඇඳුරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 25 August 2021
විටින් විට වැස්ස ඇති වේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ දී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2021
තණමල්විල පොලොව හෙල්ලෙයි තණමල්විල ප්‍රදේශයෙන් අද (24) රාත්‍රී 9.20 ට පමණ සුඵ භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. 25 August 2021
අජිත් රෝහණට කොරෝනා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි . 25 August 2021
අනාරක්ෂිතව පාරේ ගිය 705ක් අල්ලයි නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 705 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 25 August 2021
පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50 මිටි 200 ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී ලොරි රථයේ රියැදුරු හා සහායක ද සමග පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 25 August 2021
හමුදාපතිගෙන් ජනතාවට හොඳ සහතිකයක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 24 August 2021
අත්‍යවශ්‍ය සේවා බෝඩ් හොරට ගහලා වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිල මුද්‍රාව හොරට යොදා ව්‍යාජ ලෙස අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කර මුදලට විකුණු තිදෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 August 2021
මංගලගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සොව පළ කරති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් තාන්ත්‍රිකයන් රැසක් සිය කනගාටුව පළ කර ඇත. 24 August 2021
බගවන්තලාව කොරෝනා අතරමැදි මධ්‍යස්ථාන වසා දමයි බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පියවර ගෙන ඇත. 24 August 2021
මාතර වැසියෝ මංගලගේ අභාවයට සංවේගය පළ කරති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයෙන් ශෝකයට පත් මාතර නගර වාසීහු මතර නගරයේ සුදු කොඩි ඔසවා සිය සංවේගය ප්‍රකාශ කළහ. 24 August 2021
රිෂාඩ්ගේ තර්ජනය ගැන 13 දෙනකුගෙන් ප්‍රකාශ ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය . 24 August 2021
මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරති. මෙරට දේශපාලන ක්ෂේත්රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. 24 August 2021
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක් සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් මුදා හැර ඇත. 24 August 2021
කොවිඩ් මරණ තවත් 190ක් කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 August 2021
කොවිඩ් වැළඳුණු දරුවන් බිලිගන්න ’’නිහඬ මාරයා’’ හිස ඔසවයි කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් දරුවන්ට ’’නිහඬ මාරයා’’ යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් ( Silent hypoxia) හටගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් . සී. කිතුල්වත්ත මහතා පැවැසීය. 24 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 August 2021
ශ්‍රී.ල.නි.පයෙන් කොවිඩ් අරමුදලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් කොවිඩ් අරමුදලක් පිහිටුවීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද(24) සිදුකෙරිණි. 24 August 2021
රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ් වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත. 24 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026