පොලිස් කාන්තා සැරයන් ට්‍රක් රථයට යටවී මරුට කාන්තා පොලිස් නිළධාරීනියක ට්‍රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි 20 March 2024
ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී. 20 March 2024
ආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත් ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 March 2024
වෛද්‍ය සිසු සිසුවියෝ පාරට බසිති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ හෝමාගම රෝහල පෞද්ගලික උපාධි ආයතනයකට පැවරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ඇති තීරණයට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් පැවැත්වීය. 20 March 2024
දුමින්ද නාගමුව-ලහිරු වීරසේකර අත්අඩංගුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබූහ. 20 March 2024
පෙරටුගාමී විරෝධතාවට ජල -කඳුළු ගෑස් ප්‍රහාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද (20) සංවිධානය කළ විරෝධතාවයකට කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 20 March 2024
කලා අයිතිය රකින පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිට කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද පිළිගැන්වීය. 20 March 2024
ජනපති ඉන්නෙ පොහොට්ටුව එක්ක ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 20 March 2024
ක්‍රම සහ විධි කමිටුවේ මුල් පුටුව යළිත් පාඨලිට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද (20) නැවත වරක් නිතරඟයෙන් පත්වී ඇත. 20 March 2024
ලොව සතුටුම රට ෆින්ලන්තය ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. 20 March 2024
ජනපති සංගීතය අහන්න යයි ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූහ. 20 March 2024
ඊෂි කෑෂ් හරහා හෝමාගම වෙළඳුන්ගෙන් මුදල් ගරලා කල් ඉකුත් වූ වෙළද බලපත්‍ර යලි යාවත්කාලීන කිරීම ප්‍රමාද වී ඇතැයි පවසා ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස ඊෂි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගම ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය පැවසුවාය. 20 March 2024
අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ් අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීෆම් චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියම කළේය. 20 March 2024
සුරාබදු දෛපාර්තමේන්තුවට අදත් විරෝධය ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් හිඟ තබා ඇති රුපියල් කෝටි 700 කට ආසන්න බදු අයගැනීමට සුරාබදු දෙපර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට අද (20) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 20 March 2024
කථානායක භූමිකාවම දිරලා කරත්තේ බැඳපු අම්බරුවා සේ ජහ් කියන විට යන හිටු කියන විට නවතින කතානායකවරයාගේ මුළු භූමිකාවම දිරාපත් වී ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 March 2024
ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා රජයේ රස පරීක්ෂක වරයාට සිහිකැඳවීමේ ලිපියක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) නිකුත් කළේය. 20 March 2024
අනුර - දුමින්දත් කෝප් කමිටුවෙන් අස්වෙයි ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ. 20 March 2024
මුහුදුබඩ දුම්රිය 18ක් අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් අද (20) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 20 March 2024
මාස තුනට සංචාරකයෝ 850000ක් එති මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. 20 March 2024
’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ පාගමනට ඉල්ලූ තහනම ඉවතට ’’ඉන්දීය විජිතකරණයට එරෙහිව’’ යන මැයෙන්පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද(20) සවස කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පාගමන වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20)ප්‍රතික්ෂේප කළේය. 20 March 2024
පොලිසියට අහුවුණු කුඩු පෙම්වතා පෙම්වතිය බිල්ලට දී මාරුවෙලා පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා වෙයි. 20 March 2024
එළවනාකන්දේ අනතුරින් අයෙක්ට දිවි අහිමිවෙයි මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද(20) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 March 2024
ගුවන් සේවා සුරක්ෂිතතා ජාත්‍යන්තර සමුළුව දකුණු ආසියානු කලාපීය ගුවන් නිරුපද්‍රිතතාවය වර්ධනය උදෙසා යුරෝපීය ගුවන් සේවා සුරක්ෂිතතා ඒජන්සිය (EASA) විසින් සංවිධානය කළ 08වන ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව (ICF) කොළඹ හිල්ටන් හොටල් පරිශ්‍රයේදී පැවැත්විය. 20 March 2024
රේගු නිලධාරීන් ‘අකුරට වැඩ’ අතහරියි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නමින් පැවැති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා අද (20) පෙරවරුවේ පැවසීය. 20 March 2024
කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක් කෝප් සභාපතිවරයා ඉවත් නොකලොත් උපවාසයක් කරන්නට සිදුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන් අමාරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ. 20 March 2024
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය. 20 March 2024
වසන්ත යාපා පත්කළ ගමන් අස්වෙයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවට අලුතින් පත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එයින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය. 20 March 2024
පොහොට්ටුවේ ජනපති හොයන්න අද සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10.00 ට පැවැත්වේ. 20 March 2024
මේ රස්නයෙන් සතුන්ටත් ආතතිය පවතින වියලි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි. 20 March 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026