ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක්
ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මඟින් අද (21) හම්බේගමුව කුඩාඔය සහ තණමල්විල යන ප්‍රදේශවල අක්කර 04 ක් පුරා වගා කර තිබූ ගංජා හේන් 08 ක් විනාශ කළ බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.