IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිම කඳු කඩා වැටී පාකිස්තානයේ- ඇෆ්ගනිස්තානයේ 130 ක් මරුට

හිම කඳු කඩා වැටීම්ගංවතුර සහ දැඩි සීත ඍතු කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ 130 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙරටේ නිලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.

දැඩි හිම පතනය හේතුවෙන් තවත් බොහෝ පිරිසක් විවිධ ස්ථානවල සිර වී සිටින බවත් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවත් පාකිස්තාන සහ ඇෆ්ගන් නිලධාරිහු කීහ.

අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ පමණක් 93 දෙනකු මියගොස් 76 දෙනකු තුවාල ලබා ඇති අතර ඇෆ්ගනිස්තානයේ 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

ඉදිරි සති කිහිපයේ කාලගුණ තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇතැයි ද කාලගුණ නිලධාරිහු අනාවැකි පළ කළහ.

කාලගුණ තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාකිස්තාන පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයටය. එම ප්‍රදේශයේ පමණක් 62 දෙනකු මියගොස් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කාශ්මීරය සුන්දර ප්‍රදේශයක් ලෙස ලොව ප්‍රකට වුවත් ගැටුම්වලින් බහුල ප්‍රදේශයකි. කාශ්මීරයේ නීලම් ගංඟා නිම්න ප්‍රදේශයෙන් හිම කඳු වැටීම් රැසක් වාර්තා වූ අතර එම ප්‍රදේශයේ හිම පතනය දරුණු අතට හැරී ඇතැයි ද වාර්තා විය.
 
එක් හිම කන්දක් ගමකට කඩා වැටී ඇති අතර ඉන් 19 දෙනකු මියගිය බවත් 10 දෙනකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේය.

සීත ඍතුවේදී කාශ්මීරයේ හිම කඳු කඩා වැටීම් සහ නායයෑම් සාමාන්‍ය තත්ත්යක් වන අතර එම සිදුවීම් හේතුවෙන් මාර්ග අවහිර වී එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් හුදෙකලා වෙති.

පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බොහෝ මහාමාර්ග සහ මාර්ග අවහිර වී ඇතැයි නිලධාරිහු කීහ.

(ඒ.එෆ්.පී. ඇසුරිනි)
 
055



අදහස් (0)

හිම කඳු කඩා වැටී පාකිස්තානයේ- ඇෆ්ගනිස්තානයේ 130 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1366 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 202 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 78 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site