සිරියාවේ හෝම්ස් නගරයේ යුද ගුවන් තොටුපළකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. හෝම්ස්හි ට්‍රයිෆොර් ගුවන් කඳවුරේ ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය වූ බව බලධාරීහු පවසති.
එම ප්‍රදේශයෙන් විශාල පිපිරුම් ශබ්ද ඇසුණු බවත් මිසයිල ප්‍රහාර කිහිපයක් ගුවන් කඳවුරට එල්ලවූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊයේ (8) සිරියාවේ කැරළිකරුවන් ග්‍රහණයේ පවතින ඩුවෝමා නගරයට දැවැන්ත රසායනික වායු ප්‍රහාරයක් එල්ලවූ අතර එයින් කාන්තාවන් සහ දරුවන් ඇතුළු බොහෝ පිරිසක් මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙහිදී සිදුවූ දරුණු හානිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බලවත් අප්‍රසාදය පල කර තිබූ අතර සිරියානු ජනපති අසාද් දැඩි ලෙස හෙළා දකිමින් මෘගයකු බව පවසා තිබිණි.
ඇමෙරිකානු ජනපතිවරයා තවදුරටත් පවසා තිබුණේ සිරියානු රජයට මේ සම්බන්ධව විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.
මිසයිල ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමිනු ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් විසින් සිරියා ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පැතිරෙන වාර්තා අසත්‍ය බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිරියා ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක්