IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ස්වදේශීය වැසියන්ගේ ඉඩම් අයිතිය ආරක්ෂා කරන්න නව නීති

ඇසෑම් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල ස්වදේශීය වැසියන්ගේ ඉඩම් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට එම ප්‍රාන්තවල බලධාරීන් පොරොන්දුවක් ලබා දී ඇත.

නව පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වෙද්දි ඇසෑම් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත මෙම නව නීතිය ගෙන ඒමට සූදානම් වේ.

සැලැසුම් කර තිබෙන නව නීතියට අනුව ස්වදේශීය වැසියන් ස්වදේශීය නොවන ජනතාවට ඉඩම් විකිණීම වැළකෙන බව ඇසෑම් ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය හිමන්තා බිස්වා සර්මා පැවැසීය.

“නව නීතියට අනුව අපේ මිනිස්සු වෙනුවෙන් ඉඩම් ආරක්ෂා වෙනවා” යැයි සති අන්ත කැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය සර්මා පැවැසීය.

මේ මස මුලදී ඉන්දියාවේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පුරවැසි සංශෝධන පනතට එරෙහිව ඉන්දියාවේ බොහෝ නගරවල විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මුලින්ම ආරම්භ වූයේ ඇසෑම් ප්‍රාන්තයෙනි. පුරවැසි පනත අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෑම් ප්‍රාන්තයට පැමිණ එම ප්‍රාන්තයේ පදිංචි වූ සංක්‍රමණියන්ට විරුද්ධව ගෙන ලද්දක් බවට චෝදනා එල්ල විය.

නව පුරවැසි පනත ගෙන එන ලද්දේ 2015 වසරට පෙර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් ඉන්දියාවට පැමිණි මුස්ලිම් නොවන සුළු ජාතීන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහයෝගය දැක්වීමක් ලෙස යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.

කෙසේ නමුත් නව පනත මඟින් මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සලකන බවට බොහෝ ඉන්දියානුවන් චෝදනා කළ අතර එය ඉන්දියාවේ අනාගමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවට ද චෝදනා එල්ල විය. පුරවැසිභාවය ලබාගැනීමට ආගම පරීක්ෂාවක් කරගැනීම මෙමඟින් සිදුවන බවට ද බොහෝ පාර්ශව චෝදනා එල්ල කළහ.

කෙසේ නමුත් ඇසෑම් ප්‍රාන්තයේ ස්වදේශීය පුද්ගලයකු හඳුනාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කර නැතැයි වාර්තා වේ. මේ වසර මුලදී ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 2කට ආසන්න පිරිසක් පුරවැසි නාමලේඛනයට ඇතුළත් කර නොතිබිණි. ඊට අමතරව ඇසෑම් ප්‍රාන්තයේ ඉඩම්වලින් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන බංග්ලාදේශයට මායිම් වේ.

සිය ප්‍රාන්තය කිසිදු අවස්ථාවකදී පුරවැසි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි බටහිර බෙංගාලයේ මහ ඇමැති මමතා බෙනර්ජී කීවාය. ඇය භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස විවේචනය කරන පුද්ගලයකු ලෙස ද ප්‍රසිද්ධය.

අවුරුදු 50කට වැඩි කාලයක් මුළුල්ලේ ප්‍රාන්තයේ ජීවත් වන සංක්‍රමණිකයන් දස දහසකට වැඩි පිරිසකට ඉඩම් අයිතිවාසිකම් ලබාදීම ඉක්මනින්ම ආරම්භ කරන බව ද ඇය සඳහන් කළාය. 

අල් ජසීරා ඇසුරිනි 

055

 



අදහස් (1)

ස්වදේශීය වැසියන්ගේ ඉඩම් අයිතිය ආරක්ෂා කරන්න නව නීති

PERERA Tuesday, 24 December 2019 04:56 PM

මෝදි කරන දේ හොඳ වැඩක්... කොන්ද පණ ඇති නායකයෙක්. ජයවේවා...!!!

:       101       23

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 122 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 22 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 16 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site