IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලාහෝර් ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීහු අවසන් ගමන් යති

ලාහෝර්හිදීය (ඒ.එෆ්.පී)
 
පාකිස්තාන තලේබාන් සංවිධානයේ කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන්ගේ අවසන් කටයුතු අද (8) පස්වරුවේ සිදු කෙරුණි. 
 
පාකිස්තානයේ පැරැණිතම සහ ජනප්‍රියතම සුෆි මුස්ලිම් පල්ලිය වන ‘දාත් දාර්බාර්’ පල්ලියේ පිවිසුම ඉදිරියේ සිදු වූ මෙම පිපිරීමෙන් දස දෙනකු මියගොස් 24 දෙනෙක් තුවාල ලැබූහ. 
 
පාකිස්තානය රාමදාන් උපවාස සමය ආරම්භ කර දිනක් ගතවෙද්දි මෙම ප්‍රහාරය එල්ල විය. 


 
පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ආරක්ෂකයන් දෙදෙනෙක් සහ කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පස් දෙනෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
 
පාකිස්තානය තුළ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයේ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඔවුන් ඊමේල් පණිවුඩයක් යොමු කරමින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. 
 
පාකිස්තානයේ ලාහෝර් නගරයේ නැගෙනහිර පිහිටි මෙම පල්ලිය 11 වැනි සියවසට අයත් එකකි. මෙම පල්ලිය දකුණු ආසියාවේ විශාලතම සුෆි මුස්ලිම් පල්ලියක් යැයි ද පැවසේ. 
 
පිපිරීම සිදුව ඇත්තේ දේවස්ථානයේ කාන්තා පිවිසුම ආසන්නයේදී වන අතර පිපිරීමේ ස්වභාවය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය. පිපිරීමෙන් පදික වේදිකාව ආසන්න නවතා තිබූ වාහන රැසකට හානි සිදු විය. 


 
පිපිරීම සිදු වූ සැණින් ආරක්ෂක අංශ සහ වෛද්‍ය ප්‍රතිකාර අංශ එම ස්ථානයට පැමිණියහ. පිපිරීමෙන් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ද බලධාරීහු පියවර ගත්හ. 
 
සුෆී මුස්ලිම්වරුන්ගේ විචිත්‍රවත් උත්සවක් රැසක් මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මෙම පල්ලිය පාකිස්තානයේ මුස්ලිම් කොටස් රැසකගේ ප්‍රමුඛතම සංචාරක ස්ථානයක් ද වේ. මේ හේතුවෙන් පල්ලිය සටන්කාමීන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව ඇත. 
 
මීට පෙර ද 2010 වසරේදී මෙම පල්ලියට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 
එම ප්‍රහාරයෙන් පසු පල්ලිය අවට ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර බැතිමතුන් හා සංචාරකයන්ට පල්ලියට ඇතුළු වීමට සිදුවූයේ මුර කපොළු සහ පරීක්ෂා කිරීම් කිහිපයකින් පසුවය. 

සුෆී මුස්ලිම්වරුන්ගේ විචිත්‍රවත් උත්සවක් රැසක් මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මෙම පල්ලිය පාකිස්තානයේ මුස්ලිම් කොටස් රැසකගේ ප්‍රමුඛතම සංචාරක ස්ථානයක් ද වේ. මේ හේතුවෙන් පල්ලිය සටන්කාමීන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව ඇත. 
 
මීට පෙර ද 2010 වසරේදී මෙම පල්ලියට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 
එම ප්‍රහාරයෙන් පසු පල්ලිය අවට ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර බැතිමතුන් හා සංචාරකයන්ට පල්ලියට ඇතුළු වීමට සිදුවූයේ මුර කපොළු සහ පරීක්ෂා කිරීම් කිහිපයකින් පසුවය. 


සුෆී බැතිමත්හු ඉස්ලාම් දහමේ ගුප්ත ආගමික විශ්වාසයක් අදහති. ඔවුහු පාකිස්තානයේ දී නිරන්තරයෙන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ මිලේච්ඡ ප්‍රහාරවලට ගොදරු වූහ. ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ සටන්කාමීහු සුෆී මුස්ලිම්වරුන්ගේ විශ්වාස සහ පිළිවෙත් මුස්ලිම් දහමට පටහැණි යැයි පවසමින් සුෆී මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරති. 
 
පාකිස්තානය 2014 වසරේදී පෙෂාවෝර්හි පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අන්තවාදීන්ට එරෙහිව කරන මෙහෙයුම් වැඩි කළේය. පෙෂාවෝර්හි පාසලකට 2014 වසරේදී එල්ල වූ එම ප්‍රහාරයෙන් 150කට වැඩි පිරිසක් මියගිය අතර ඔවුන්ගෙන් වැඩිදෙනා පාසල් දරුවෝ වූහ. 
 
එම ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ක්‍රමයෙන් වැඩි වුවත් සටන්කාමීහු දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ. 
 
055

 



අදහස් (0)

ලාහෝර් ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීහු අවසන් ගමන් යති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1689 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 287 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 97 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 269 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 136 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site